0

Wall-E [2008] සිංහල උපසිරැසි සමග..






ලගදි මට බලන්න හම්බුන ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න හිතුනා.ත්‍රිමාණ සජිවිකරන කාටුන් වලට කවුරුත් වැඩිය උපසිරැසි දෙන්න පෙළබෙන්නේ නෑ.එත් මම දැක්කා අපේ සූම් එකේ යාලුවෝ කිප දෙනෙක්ම පරණ ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දිලා තිබුනා.ඉතින් මටත් හිතුනා ලස්සන කතාවකට උපසිරැසි එකක් දෙන්න.වැඩි විස්තර නැතුව මම මේකේ කතාවේ සාරංශය පොඩ්ඩක් කියන්නම්.මේක IMDB හි 8.5ක ඉතා විශාල ප්‍රතිචාරයක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙන වනේ චිත්‍රපටිය කොච්චර ලස්සන එකක්ද කියලා.මේකෙ කතාව ලියලා වගේම
 අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Toy-story කතා මාලාවත්,Up,Ratatouille ,Monsters, Inc.,Finding Nemo ,John Carter,A Bug's Life වගේ ලෝක ප්‍රසිද්ධ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටි ලියපු, අධ්‍යක්ෂණය කරපු සුප්‍රසිද්ධ Andrew Stanton.

 WALL-E (Waste Allocation Load Lifter – Earth Class) කියන්නෙ කෙටියෙන්ම කිව්වොත් කුණූ අයින් කරන පුංචි රොබෝ කෙනෙක්. මෙයාගෙ කතාව තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.මෙයා විතරයි මේ ලෝකෙටම ඉන්නෙ.නෑ,නෑ, එයා එක්ක තව චූටි යාළු කැරපොත්තෙක් ඉන්නවා.(කැරපොත්තො ලේසියෙන් විනාස වෙන්නෙ නෑ කියල අපි කවුරුත් දන්නවනෙ).මේ කතාව හදලා තියෙන්නෙ අනාගතේ වෙන්න ඉඩකඩ තියෙන සිද්ධියක් ගැන හිතලා.ඇත්තටම මේ කතාවෙ තියෙන විදියට ලෝකෙ විනාස වෙන්න බැරිත් නෑ.කොහොම වුනත් මේ පුංචි රොබෝ අතේ තමයි මුළු ලෝකෙම පැවැත්ම රැඳිලා තියෙන්න.හරිම සංවේදී කතාවක්.මම කලින් සඳහන් කරපු කතාවලින් එකක් හරි බැලුවානම්, මේ කතාව බලන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ.පාඩුවක් වෙන්නෙ නෑ, අරගෙන බලන්න..

 මේක පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්.එහෙනම් බලලා අදහසක් දාලා යන්න.අපි මහන්සිවෙලා උපසිරැසි දෙන එකේ අපිට තියන එකම සතුට ඔබගේ ප්‍රතිචාරය පමණක්ම නිසා.


5

Jannat 2 (2012) with Sinhala Subtitles



ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.


සිංහල උපසිරැසි නිර්මාණය - දර්ශන නිශාන්ත පිරිස්.





1

Mirror Mirror 2012 සිංහල උපසිරැසි සහිතව



මම හිතන්නේ මාසගානකට පස්සේ මමත් ආපහු උපසිරැසි දාන්න පටන් ගත්තා.මුල කාලේ නම් එකපිට එක උපසිරැසි දුන්නත් කාර්ය්‍යබහුලතාවය නිසා එකක් දෙන්න බැරි උනා.ඔන්න ආපහු මම වැඩට ආවා.මේ මගේ 20වෙනි උපසිරැසි ගැන්විම.ස්නෝවයිට් නැත්නම් හිමකුමාරිගෙ කතාව අහපු නැති කෙනෙක් ඉන්නවද? නැහැනෙ..කැඩපත කැඩපත (mirror mirror) කිව්වම හැමෝම හිතුවත් මේ නම් සුපුරුදු හිම කුමාරිගෙ කතාව කියල, මේ කතාව බලල අවසන් වෙනකොට ඔබට තරමක වෙනසක් දැනේවි.සුරංගනා කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතාව සුරංගනා කතාව බොහෝ තැන්වලදී වෙනස් කර ප්‍රේක්ශකයින්ට නවතම අත්දැකීමක් ගේන්න සමත්වෙලා තියෙනවා.මං මේකට උපසිරැසි යොදන්න කල්පනා කලෙත් ඒකයි. හැමදාම අපි බලන ක්‍රියාදාම, ආදර කතා, සජීවීකරණ, හා හාස්‍ය සියල්ල එකටම ගැබ්වෙලා තියෙන කතාවක් කියල මේක හඳුන්වන්න මං කැමතියි.

 කතාව මෙහෙමයි, එකමත් එක කාලෙක ස්නො වයිට් කියල පොඩි ගෑණු ලමයෙක් ඉන්නවා නපුරු රැජිනක් එක්ක.රැජින කණ්නාඩිය ලඟට ගිහින් ඇහුවම කවුද ලෝකෙන්ම ලස්සනම කියල කණ්ණාඩිය කියනවා ස්නෝ වයිට් කියල..(දැන් හිතෙනවනෙ අපො මේකමද කියල?) මේක නෙමෙයි කතාව. බලන්න පටන් ගත්තම තේරෙයි සුරංගනා ලෝකෙ පවා කොච්චර අද වෙනස්වලාද කියල.. එහෙනම් ඉතිං අරගෙන බලන්නකො. ලේ පිරිසිදු කරගන්න හිතන කෙනෙක් ඉන්නවානම් මේක හුඟාක්ම ඒ අයට අනුමත කරන්න කැමතියි.මේ උපසිරැසි එක උපසිරැසි ගන්වන්න උදාර (රොකියා) උදව් කලා.එයාටත් බොහෝම ස්තුතියි.ඒ වගේම මේ චිත්‍රපටිය ගැන වගේම උපසිරැසි ගැනත් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.