2

Battleship [2012] සිංහල උපසිරැසි සමගින්


මේ චිත්‍රපටියත් මම උදාරත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක්ම තමයි.වැඩි විස්තරයක් නැතුව කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් 
ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා පිටසක්වල ජීවින් සිටිනවානම් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා. මේ අතර ඇමරිකානු සහ ජාත්‍යන්තර යුද නාවික එකතුව නාවික අභ්‍යාසයක් පවත්වනවා පැසිපික් සයුර ආශ්‍රිතව. හදිසියේ මෙම නාවික කණ්ඩායම ප්‍රහාරයට ලක්වෙනවා. නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි පිටසක්වල යානා ප්‍රහාරයක්.මෙම ප්‍රහාරයෙන් ලෝකය ගලවා ගැනිමට ඉදිරිපත් වෙන්නේ නාවිකයන් පිරිසක්.මොවුන්ට පිටසක්වල ජිවින්ව පරාජය කිරිමට හැකිවෙයිද චිත්‍රපටිය අරගෙනම බලන්න.





2

The Hunger Games [2012] සිංහල උපසිරැසි සමගින්



කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔන්න ඊයේ නිකුත් උනා.මේ දවස් ටිකේ නම චිත්‍රපටි එනවා පෙරේදා Battleship [2012] චිත්‍රපටිය ආවා අද ඔන්න The Hunger Games චිත්‍රපටිය ඇවිල්ලා.චිත්‍රපටය නිකුත් උන ගමන්ම කලින් වගේම උදාරයි මම එකතු වෙලා සබ් එක කරන්න ගත්තා.ඇත්තටම මේකේ වැඩිම කොටසක් දැම්මේ එයා..හරි වැඩි විස්තරයක් ඕන නෑ මෙන්න ෆිල්ම් එකේ කතාව

 අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් පලාතකින්ම තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයෙකු පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා.

 මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කැට්නිස්, තම ජීවිතකාලය පුරාම මේ තරඟය සඳහාම සූදානම් වූ තැනැත්තියක්.මෙම කතාව පුරාවටම දිවයන්නේ ඇය සියළුම බාධා හමුවේ, මනුෂ්‍යත්වය, ජීවිතය ආදරය යන සියල්ල සමඟින් මෙම තරඟයට මූණපාන අන්දමයි. ඇයට මොන ආකාරයේ බාධාවන්ට මූණදීමට සිදුවේද,තරඟය අතරතුර ඇයට කවර පුද්ගලයන්,ජීවීන් හා ගැටීමට සිදුවේද, අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද,ඇයගේ ජීවිතයම මින් වෙනස් මඟකට පෙරලේද,මේ සියල්ලටම පිළිතුරු කතාව නැරඹීමෙන් අවසානයේදී ඔබට දිස්වේවි.සාමාන්‍ය සටන් ජවනිකාවලට වඩා වෙනස්ම විද්‍යාත්මක හා තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.9ක් ලද චිත්‍රපටයක් මෙන්ම, ලංකාවේ සිනමාහල්වලදී පවා අතිශය ජනප්‍රියතාවයක් අත්කර ගත්තකි.