0

The Lorax [2012] සිංහල උපසිරැසි සමගින්



හුගක් දවසක් ඉදලා මම බලන් හිටියේ මේ චිත්‍රපටිය ඔයාලට දෙන්න අරන් එන්න තමයි.එත් චිත්‍රපටියේ හොද කොපි එකක් එන්න ඉතාමත් දිගු කාලයක් ගත උනා.හැබැයි දැන් ඔන්න හොද කොපි කිහිපයක්ම ඇව්ල්ලා.මම කලින් ඩිවිඩි රිප් එක ඇවිත් පැය ගානකින් දුන්නා මතක ඇති.එදා මම කිව්වා BR RIP 720P 1080P ආව ගමන්ම උපසිරැසි එකට හදලා දෙනවා කියලා.ඔන්න ඒකත් අද කරලා ඉවර උනා.නෙට් එකේ තියන ඕනැම කොපියක් සදහා මම නිකුත් කරලා තියන උපසිරැසි ගොනු දෙකම ගැලපෙනවා.ඉතින් බය නැතුව ඕනම කොපියක් අරගෙන චිත්‍රපටිය රසවිදින්න ඔයාලට පුලුවන්කම තියනවා.මේ මගේ 23වැනි උපසිරැසි ගැන්විම කියලත් මතක් කරන්න ඕන.පොඩ්ඩක් වැඩරාජකාරි වැඩ නිසා මේ දවස් වල නම් අලුත් උපසිරැසි එකකින් හමුවෙන්න නොහැකි වේවි.එත් අනිවාර්යෙන් ඉක්මනින්ම හොද චිත්‍රපටියකින් හමුවෙන්නම්.

කතාව පොඩ්ඩක් කියන්නම් මේ කතාව කාලේ වෙන කොට ලොකේ හැම ගහක්ම වදවෙලා ගිහින්.දැන් ගස් කියලා මිනිස්සු දන්නේ ප්ලාස්ටික් වලින්
වගේ හදපු ගස් වලට.මේ නගරේ ඉන්නවා ළමයෙක්.එයාගේ පොඩි කැමැත්තක් තියනවා එයාලගේ ගෙවල් ගාව ඉන්න ගැණූ ළමයෙක්ට.ඉතින් මේ පිරිමි ළමයා ගැණු ළමයගේ හිත ගන්න එක එක දේවල් කරනවා.දවසක් මේ ගැණු ළමයා එයාගේ හිනයක් ගැන කියනවා ඒ තමයි ඇත්තම ඇත්ත ගහක් දකින එක.එහෙම පෙන්නුවොත් හරි ඇත්තම ඇත්ත පැළැටියක් ගෙනත් දුන්න කෙනෙක්ව එයා එවලේම කසාද බදිනවා කියලත් කියනවා.මේක ඉතින් අර පිරිමි ළමයට හොද අවස්ථාවක් නිසා එයා එයාගේ ආච්චිගෙන් අහගෙන නගරෙන් පිට ඉන්න ඇත්ත ගස් ගැන දන්න කෙනෙක් හොයාගෙන යනවා එතනින් එහාට මොනා වෙයිද?ලොකේ සේරම ගස් නැති උනේ කොහොමද? ඒක අර පිරිමි ළමයා හොයා ගනිද? එයාට ඇත්තම ඇත්ත පැලැටියක් හම්බවෙයිද? එතකොට කවුද මේ ලොරේක්ස් කියන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? ඒ සේරටම උත්තර විනාඩි 87ක් පුරා දිවෙන මේ චිත්‍රපටියේ ගැබ්වෙලා තියනවා.ඔය මම කිව්වේ කතාවේ මුල විනාඩි 10 විතරයි.මේ කතාවෙන් ඔයාලගේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්නත් පුලුවන් පරිසරය සුරකිම ගැන.එහෙනම් හැමෝම අරන් බලන්න.



0

Headhunters (2011) සිංහල උපසිරැසි සහිතව.



ZOOM.LK වෙනුවෙන් සුරංග වන්නිආරච්චි කල ඉල්ලිමකට එයත් එක්ක එකතු වෙලා කරපු උපසිරැසි ගැන්විමක් තමයි මේ.මම දිගටම දුන්නේ ඉංග්‍රිසි,හින්දි,දෙමළ චිත්‍රපටනේ.මට හිතුනා වෙනත් භාෂාවක හොද චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න හිතුනේ ඒකයි.

ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.