Showing posts with label ආදරකතා. Show all posts
Showing posts with label ආදරකතා. Show all posts
0

Barfi![2012] with Sinhala Subtitles


අද කාලෙ තියෙන ආදරේ හරියට විනාඩි දෙකේ නූඩ්ල්ස් වගේ..
බඩට වැටෙන්න කලින්ම ඉවරයි..

අද කාලෙ තියෙන ආදරේ, පටන් ගන්නෙ ෆේස්බුක් එකෙන්..
ඒත් ඉවර වෙන්නෙ, උසාවි ඛෙදවාචකයකින්..

මං හිතුවෙ ආදරේ කියන්නෙ, එකටම ජීවත්වෙලා, එකටම එකිනෙකාගෙ
අත්වලදිම මියැදෙන එක කියල. හරියට අපේ ආච්චියි සීයයි වගේ..

අද මං මේ කියන්න යන්නෙ, කවදාවත් අහල නැති විදියෙ, වෙනස්ම ආදර කතාවක්.
කවදාවත් නොමියෙන ආදරයක් ගැන කතාවක්.
වෙනස්ම ඇහැකින් ආදරේ ගැන දැකපු කතාවක්..බලන්න වටින හිතට දැනෙන කතාවක්
බාෆි(රන්බීර් කපූර්)-මෙයාගෙ අම්මා එයා ඉපදෙනකොටම මිය ගියා.එයාගෙ තාත්තා එයාට නම තිබ්බෙ මර්ෆි කියල.ඒත් හැමෝම එයාට කතා කලේ බාෆි කියල.මොකද එයාගෙ කටින් එයාගෙ නම කියවෙන්නෙ ඒ විදියට.බාෆිට හරියට කතා කරන්න බෑ, ඇහෙන්නෙත් නෑ.ඒත් එයා ගැන තමයි දර්ජීලින් නඟරෙ හැමෝම කතා වුනේ. හැම ගෑණු ළමයාම එයාටයි ආදරේ කළේ

ජිල්මිල් චැටර්ජී(ප්‍රියංකා චොප්රා)-පොඩි කාලෙ ඔස්ටිම් කියල(මොළයේ ආබාධයක්-සන්නිවේදනයේ දුර්වලතා ඇති කරන) ලෙඩක් හැදුනු නිසා තමන්ගෙ පවුලෙන්ම වෙන්වුනු කෙනෙක්.වෙනම තැනක හැදුනු කෙනෙක්.මෙයා තමයි බාෆිගෙ හොඳම යාළුවා පුංචි කාලෙ ඉඳලා.

සෘති(ඉලේනා)-කලින් දෙන්නා වගේ නෙමෙයි හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්.මෙයාව බාෆිට මුණගැහෙන්නෙ එයා විවාහ ගිවිසගෙන ඉන්නකොට වෙනත් කෙනෙක් එක්ක.

මේ කියන්න යන්නේ මේ තුන්දෙනාගේ ආදර කතාවයි. අවංක ආදරය කියන්නෙ මොකක්ද කියල මේ කතාවෙන් හොඳින්ම තේරුම් කරල දෙනවා. ඒකයි විනාඩි 151ක් දිවෙනමේ කතාවට 8.7ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙන්නෙ.මේ චිත්‍රපටියේ ඩිවිඩි පිටපතක් නිකුත් උනේ ඊසේ හවස 6ට වගේ තමයි.ෆිල්ම් එක අරන් සබ් එක කරලා දැන් ඉවර වෙන මේ වෙලාව හරියටම 13 වැනිදා පාන්දර 1.35යි.අනිවාර්යෙන්ම අද උදේ ඔයාලට මේක බලන්න පුලුවන් වෙන්න ඕන නිසා තමයි මම මේක ඉක්මනටම කරලා දෙන්න හිතුවේ.අද දවසේ පීඩාකාරී මනසට සහනයක් ඕනෙ කියල හිතෙනවනම් මේ කතාව අරන් බලන්න.ඔයාගෙ කාලයෙන් විනාඩි 151ක් අපතේ නොයන බව මට හොඳටම විශ්වාසයි.මේ චිත්‍රපටිය බලද්දි සමහර දර්ශන දැක්කම මට ඉංග්‍රිසි චිත්‍රපටියක් වන The Note Book චිත්‍රපටිය මතක් උනා.මොකද එකේ වගේ සමාන දර්ශන කිහිපයක් මේ චිත්‍රපටියේ ඇතුලත් උනා.එහෙනම් ඔයාලා චිත්‍රපටිය අරන් රසවිදින්න කියලා මතක් කරන ගමන් අද දවස (දිපවාලි) වෙනුවෙන් තවත් විශේෂ චිත්‍රපටියක් තව ටිකකින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි.අනිවාර්යෙන් තව ටිකකින් එන්න අමතක කරන්න එපා.රැදිලා ඉන්න දිගටම සුම් එකත් එක්ක.අද නිවාඩු දවස වර්ණවත් කරන්න තවත් අලුත් චිත්‍රපටි ගොඩක් බලාපරොත්තුවන්න....



2

TED [2012] with Sinhala Subtitles


ඔන්න අද දවසේ මගේ දෙවැනි උපසිරැසි ගැන්විම.සමාවෙන්න මේකත් ටිකක් පරක්කු උනාට පහුගිය දවස් ටිකේ පොඩි ගමනක් ගිය නිසයි මේවා දෙන්න බැරි උනේ.හරි එවයින් කමක් නෑ මේකේ BRRIP නම් ආවේ ලගදි.අනිත් මතක් කරන්න ඕන විශේෂම දේ තමයි මේක පොඩි ළමයින්ට හදපු චිත්‍රපටියක් නෙමෙයි.මේකේ ටෙඩ් කියන එක දැක්කම හිතෙන්න පුලුවන් නේ මේක පොඩි ළමයින්ට හදපු කතාවක් කියලා හැබැයි මේක එහෙම එකක් නම් නෙමෙයි කියලා අවධාරණයෙන් යුතුව මතක් කරන්න ඕන.

මේකේ කතාව මේකයි ජොන් කියන්නේ පොඩි කාලේ ටිකක් තනි උන ළමයෙක්.වැඩිය යාළුවෝ එහෙම හිටියේ නැහැ.එයාට දවසක් නත්තලට තැග්ගක් ලැබෙනවා.ලස්සන ලොකු ටෙඩියෙක්.එයා ආසාවෙන් එයාව ලග තියාගන්නා. ජොන්ගේ හොදම යාළුවා උනේ මේ ටෙඩියා.දවසක් ජොන් හිතාගන්නවා අනේ මගේ ටෙඩියා මගෙත් එක්ක කතා කරනවා නම් කියලා.ඇත්තටම ජොන් ගේ ඒ ප්‍රාර්ථනාව හරි යනවා.ටෙඩිට පණ එනවා.ඒ දෙන්නා අවුරුදු ගාණක් එකට ඉන්නවා.කාටවත් මේ දෙන්නව වෙන් කරන්න බැරි තරමේ යාළු කමක් දෙන්නා අතර තියෙනවා.ඔන්න ඔහොම වෙනකොට ජොන් ලොකු වෙලා අවුරුදු 35ක් විතර වෙලා එයාත් එක්ක ගැණු ළමයෙක් එහෙම යාළුවෙනවා.ජොන්ගේ ටෙඩියා තමත් එයා එක්කම ඉන්නවා.ජොන් යාළු උන ගැණු ළමයාටනම් මේ ටෙඩියගේ වැඩ එච්චර අල්ලන්නේ නෑ.මොකද ජොන් ටෙඩියා ගාව ඉන්න වෙලාවට පොඩි එකෙක් වගේ ටෙඩි එක්ක කියව කියව ඉන්නවා එයාගේ ගැණු ළමයා ගැන වැඩි අවදානයක් දෙන්නේ නෑ.කොහොම හරි දවසක් ජොන් ගේ ගැණු ළමයා ලොරි කියනවා එයාට ටෙඩිව හරි එයාව හරි දෙන්නාගෙන් කෙනෙක් තොරගන්න කියලා.ජොන් මොනා කරයිද? ටෙඩියාව තොරගනිද නැත්නම් එයාගේ ආදරේ තොරගනිද? නැත්නම් ජොන් දෙන්නවම තොරගනිද?
හිනා වේවි බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි මේක.ඒ වගේම උපසිරැසි ගන්වන්න අමාරු උන චිත්‍රපටියක්. ලයින් 1700ක් වගේ තිබ්බා වගේම ටෙඩියාගේ භාෂා විලාසයනම් අන්තිමයි.එවත් හොද විදියට අර්ථය වෙනස් නොවෙන හොද විදියට දැම්මා.එහෙනම් මේ චිත්‍රපටියත් අරන් රස විදින්න කියලා ආරාධනා කරනවා.ආයේ මතක් කරනවා මේක පොඩ්ඩන්ට හදපු චිත්‍රපටියක් නම් නෙමෙයි.


ඔන්න අද දවසේ දෙවැනි නිර්මාණයත් දුන්නා.ඉවරද?? නෑ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් මම අපේ තව යාළුවෙක් එක්ක ඉක්මනටම එනවා.
මොකක්ද ඒ ෆිල්ම් එක? හ්ම්....තව ටිකකින් ඇවිල්ලම බලන්නකෝ.





0

Step Up Revolution [2012] with Sinhala Subtitles


මේ චිත්‍රපටිය නිකුත් වෙලා ලබා දෙන්න ගොඩක් දවසක් ගියාට සමාවෙන්න ඕන.මේක මම බාරගත්ත චිත්‍රපටියක් නම් නෙමෙයි.ඊයේ දවස පුරාවට වෙබ් අඩවියේ ත්‍රෙඩ් 4ක් විතර පලවුනා දැක්කා මේකට සබ් දෙන්නේ නැත්ද කියලා..මට මැසේජ් 1කුත් එවලා තිබ්බා අනේ මේකටත් සබ් දෙන්න කියලා.ඇත්තටම මේ චිත්‍රපටියට මේ තරම් උම්මාදයක් තියන බව නම් මම දන්නේ නෑ.සමහර විට මම නැටුම් වලට අකමැති නිසා වෙන්න ඇති.
හරි කොහොම උනත් ටිකක් පරක්කු වෙලා හරි ඔයාලා වෙනුවෙන් මේක අරන් ආවා.මට ඊයේ රෑ 11ට විතර තමයි මේක කරන්න පුලුවන්ද කියලා අහලා තිබ්බේ.ඒක නිසා නිදිමත පැත්තකට දාලා අද උදේ වෙද්දි කරලා දෙන්න හිතුවා.උපසිරැසි එකේ වැරදි නැතිවේවි.හැබැයි ඇලපිල්ලක් පාපිල්ලක් නැති උනොත් තරහා ගන්න එපා මොකද ඊයේ රෑ නේ මේක දැම්මේ ඒ නිසා.



මම මේකේ කලින් කතාමාලා 3නම බලලා නැහැ.හැබැයි මේක මම හිතන්නේ කලින් කතාමාලා වලට සම්බන්ධයක් නැහැ වගේ.ඒක නිසා ඔබ කලින් එවා බලලා නැත්නම් මේක බලන්න ගැටළුවක් වෙන එකක් නැහැ.කතාව කෙටියෙක් මෙහෙමයි ෂොන් ඇතුලු කණ්ඩායම මියාමි වල ඉන්න දක්ෂම නර්තනශිල්පින් වගයක්.ඔවුන් එක එක විදියේ නර්තන විදි ඉදිරිපත් කරලා ඒවා ටු ටියුබ් එකට දානවා එහෙම කරන්නේ යු ටියුබ් එකේ තරගයක් තියනවා වැඩිම ගානක් නරඹපු නර්තන විඩියෝ එකට විශාල මුදල් ත්‍යාගයක් දෙනවා කියලා.ඒක නිසා මොවුන් විවිද විවිධ ආකාරයේ නියමෙටම සැලසුම් කරලා නර්තන ඉදිරිපත් කරනවා.මේ අතර නගරයට ආයෝජකයෙක් එනවා.ඔහු ඇවිත් මියාමි නගරය දියුණු කරන්න කියලා ෂොන් ඇතුළු නර්තන කණ්ඩායම ඉන්න ප්‍රදේශය මිලට අරන් ඒ පැත්ත සුද්ද කරලා දාන්න යන්නේ.මේ නිසා ඒ පැත්තේ තියන ගොඩක් නිවාස කඩසාප්පු නැති වෙන්න යනවා.මේවට එරෙහිව ෂොන් ඇතුළ නර්තන කණ්ඩායම තමන්ගේ නර්තන හැකියාව උපයෝගි කරගන්නවා.ඇත්තටම නටලා මේ වගේ ලොකු දෙයක් කරන වැඩක් නවත්වන්න ආණ්ඩුවට බලපැමක් කරන්න පුලුවන් වෙයිද?එහෙම පුලුවන් වෙයිද කියලා ඔයාලා කතාව අරන් බලන්න.ආ කියන්න බැරි උනානේ ෂොන්ට අහම්බෙන් මේන් ගැණු ළමයෙක් මුණ ගැහෙනවා.ඇයටත් හොදට නටන්න පුලුවන්.ඇයවත් කණ්ඩායමට එකතු කරගන්න හදනවා..නමුත් පසුව දැන ගන්නවා අර නගරය වෙනස් කරන්න බිල්ඩින් හදන්න ආපු සමාගමේ අයිතිකාර දුව තමයි මෙයා කියලා.දුව තාත්තාගේ පැත්තේ ඉදිවිද නැත්නම් මේ ෂොන්ගේ නර්තන කණ්ඩායමට එකතු වෙලා ඇයගේ තාත්තා කරන්න යන මේ වැඩේ නවත්වයිද? ලස්සන නැටුම් ගොඩක් තියන මේ කතාව එහෙනම් අරන්ම බලන්න.

තව දෙයක් මම සබ් දාපු තවත් අලුත් ෆිල්ම් එකක් තව ටිකකින් ලැබේවි තව ටිකකින් සයිට් එක පැත්තේ ආපහු එන්නකෝ.


4

3 [2012] Tamil Movie with sinhala subtitle


මේ මගේ දෙවන දමිළ චිත්‍රපටි උපසිරැසි ගැන්විම.පලවෙනි එක ඔයාලට මතක ඇතිනේ Engeyum Kadhal චිත්‍රපටිය තමයි මම මුල්ම චිත්‍රපටියට දුන්නේ.එතැන් පටන් ගොඩක් දෙමළ චිත්‍රපටි කරන්න හිතුවත් එකට අවස්ථාව නැති උනේ දැන් එන ගොඩක් දමිළ චිත්‍රපටිවල උපසිරැසි චිත්‍රපටියේ හාඩ්කොඩ් ක්‍රමයට දාලා එවන්නේ.අද දෙන මේ 3 චිත්‍රපටියෙත් උපසිරැසි සහිත කොපියක් නිකුත් උනේ ඊයේ රෑ.ඉතින් දවසක් යන්නත් කලියෙන් කොහොම හරි උපසිරැසි දාලා ඔයාලට දෙන්න හිතුවා.එක ඒ විදියටම මට කරන්න පුලුවන් උනා.

චිත්‍රපටිය ටිකක් වෙනස් තේමාවක් ඇතුව නිර්මාණය වුන එකක්.අවසානය දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගැනිමට මේක සමත් වේවි.දෙමළ චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න නම් හිතන්න එපා අනිවාර්යෙන් අරන් බලන්න.අනික මේ චිත්‍රපටියේ කොලවරි සිංදුවනම් ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති.ඒ ගිතයටත් උපසිරැසි දැම්මා.දෙමළ ගිත වලට උපසිරැසි දාලා එම ගිත වලට හරි අකාරයේ සාදාරණයක් ඉටුකලාද කියලා ඔබටම බලන්න පුලුවන්.
ඒ ගැනත් අනිවාර්යෙන් අදහසක් කියලා යන්න.චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු රාම් හා ජනනි කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්.මේ දෙන්නා ආදරේ කරන්න හමුවෙන්නේ වගේම ආදරය කරන්න පටන් පටන්ගන්නෙම හරි පුදුම විදියට.කතාව හැබැයි මුලින්ම පටන්ගන්නේ රාම්ගේ මිය යාමත් එක්ක.ඔයාලටත් හිතෙන්න පුලුවන් කලින් අර විදියට ආදරයෙන් හිටිය දෙන්නට ඇයි මේ විදියේ දෙයක් උනේ කියලා.ඇත්තටම රාම් මිය ගියේ කොහොමද?ඒ ගැන තමයි මුළු චිත්‍රපටිය පුරාවටම දිවයන්නේ.රාම්ව කවුරු හරි මරලා දැම්මද? නැත්නම්...කතාව අවසානය හිතාගන්න වත් බැරි එකක් වේවි..එහෙනම් ඔන්න මම ගොඩක් කාලේකට කලින්ම පොරොන්දු උන පොරොන්දුවක් ඉටු කලා.මේ වගේ දෙමළ චිත්‍රපටිවල ඉංග්‍රිසි උපසිරැසි සහිත කොපි තව ඉදිරියටත් නිකුත් උනොත් එවත් උපසිරැසි එක්කම අරන් එන්න පොරොන්දුවෙනවා. එහෙනම් ගිහින් එන්නම්.


2

The Adjustment Bureau (2011) with sinhala subtitle


ඔයාද ඔයාගේ ජිවිතේ පාලනය කරන්නේ? ඔයා ඔයාට උවමනා දේවල්ද කරන්නේ? ඔයා ඔයා කැමති කෙනාටද ආදරේ කරන්නේ?ඔයා කැමති දේවල් කරන්න යනකොට බාධක ගොඩයි නේද?එවැනි වෙලාවට ඔයා එවයින් පැනලා යනවද නැත්නම් ඔයා ජිවිතේට මුණ දෙනවද? ඇත්තටම අපි අපේ දෛවය තීරණය කරනවද නැත්නම් කවුරුහරි අපේ ජීවිත පාලනය කරනවද?මේක කොයිතරම් අවස්ථාවල අපිට හිතිලා තියෙනවද නේද?මේ කතාව ගොඩනැගෙන්නෙත් අන්න එහෙම හිතන්න වෙන සිද්ධියක් පාදක කරගෙන.මිනිස්සු කොයිතරම් තත්ත්වයන්හි හිටියත්, කොච්චර ඉහල කෙනෙක්, කොච්චර සැහැල්ලු ජීවිත ගතකරන අය වුනත්, අපි හැමෝගෙම හැඟීම් බොහෝ වෙලාවට එක සමානයි නේද? අපි හැමෝටම පොදු හැඟීම් ගොඩක් තියෙනවනෙ.ආදරය කියන්නෙත් අන්න ඒ වගේ හැඟීමක්. කොයිතරම් එකිනෙකට වෙනස් තරාතිරම්වල අවස්ථාවල ඉන්න දෙන්නෙක් වුනත්, ආදරය කරන්න ගත්තම තමන් අයත් කොතනද කියන දේ අමතක වෙනවා.මේ කතාවෙ කතා නායකයා, නැත්තම් ප්‍රධාන චරිතය ඩේවිඩ් නොරිස් කියන්නෙ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙක්. ඔහුගේ දෛවය ඔහුව යොමු කරලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආදරය ලබන්න.මිනිස්සුන්ට කතාකරන්න, ඔවුන්ගෙ වැඩ ගැන හිතන්න.ඔය අතරෙ එලිස් කියන්නෙ දක්ෂ බැලේ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම සුන්දර කාන්තාවක්.හරිම අහම්බයකින් දවසක් මේ දෙන්නා මුණගැහෙන්නෙ. කොහෙත්ම කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදියට මේ දෙන්නා ආදරයෙන් බැඳෙන්නෙ.එදා ඉඳන් නොරිස්ට ඕන කරන්නෙ මේ ගෑණු කෙනත් එක්ක ඉන්නයි. නමුත් මොකක්හෝ දෙයක් මේ දෙන්නාව නිතරම ඈත් කරනවා.ඒ දෛවයද නැත්නම් කවුරුන් හෝ කරන දෙයක්ද? අවසානයේ ඩේවිඩ්ට තෝරාගැනිමක් ලැබෙනවා ඒ ඇමරිකාවේ ජනපති කමද නැත්නම් තමන් ආදරය කරන කෙනා සමග ජිවිතය ගත කිරිමද යන්න.ඔබට එවැනි තෝරාගැනිමක් ලැබුනොත් හිතන්න ඔබ කරන රැකියාවේ උසස්ම තනතුර පිරිනමන්න ලැස්තියි නමුත් ඔබට දැන් තියන ආදරය අහිමිකරගන්න ඕන.ඔයාගේ තිරණය මොකක් වෙයිද.ඩේවිඩ්ගේටත් ඒ වගේ දෙයක් වෙනවා තමන්ගේ හිනයක් වන ඇමරිකාවේ ජනපතිකමද?නැත්නම් ඔහුගේ ආදරවන්තියද?ඔහු මේ බලපෑමට කොහොම මුහුණදෙයිද?නොරිස් කුමන පාර්ශවය තෝරාගනීද? මිනිසුන් දහස් ගණනකගේ ගෞරවය ලැබෙන ලෝකයේ ඉහලම තනතුර වන ඇමරිකාවේ ජනපතිකමද? නැත්තම් තමන් ලොව දුටු එකම සුන්දර කාන්තාවගේ ආදරයද?

කාලයක් ඉදන් මේ චිත්‍රපටිය ඔබ හමුවේ තබන්න මම උත්සහා කලා.ඇත්තටම ටිකක් උපසිරැසි ගන්වන්න අමාරු උන වගේම ටිකක් ලයින් වැඩිපුර තිබුන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය IMDB හි 7.1 අගයක් ලබාගෙන තියනවා.ඔබට පේනවා ඇති චිත්‍රපටියේ ජනප්‍රියතාවය එයින්ම.මේ කතාව ඒ වගේම පොඩ්ඩක් පැටලිලි සහගතයි.අවදානයෙන් බලාසිටියේ නැත්නම් කතාව නොතේරි යන්න පුලුවන්.එක නිසා කතාව සම්පුර්ණ අවධානයෙන් බලන්න.එහෙනම් ලගදිම තවත් හොද චිත්‍රපටියකින් මුණගැසෙමු.


0

EK THA TIGER (2012) with Sinhala Subtitles


ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තා තියපු චිත්‍රපටියක් තමයි එක් තා ටයිගර් කියන්නේ.කලින් ඒ අදායම් වාර්තාවට හිමිකම් කිව්වේ ත්‍රි ඉඩියට් චිත්‍රපටිය.නමුත් මේ චිත්‍රපටිය ඒ සියළු ආදයම් වාර්තා බිදහෙලුවා.කොහොමත් සල්මන් ඛාන් ඉන්න ෆිල්ම් වල පොඩි ගතියක් තියනවා.බොඩිගාඩ් දෙමළ චිත්‍රපටියට වඩා හින්දි එක නියමෙට තිබ්බනේ.අනික පොඩි පොඩි කොමඩි කැලි කිහිපයක් ඕනම ඇක්ෂන් ෆිල්ම් එකක උනත් සල්මන් ඛාන් දාන්න අමතක කරන්නේ නෑ.අනික මගෙත් ආසම නළුවා. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ පකිස්ථානයේ හා ඉන්දියාවේ අතර තියන රහස් කණ්ඩායම් දෙකක් ගැන ඉන්දියාවේ රහස්කණ්ඩායමේ තමයි මේ ටයිගර් ඒ කියන්නේ සල්මන් ඛාන් වැඩ කරන්නේ.චිත්‍රපටිය පටන් ගත්ත ගමන්ම හොද වලියක් එහෙම දකින්න පුලුවන් වේවි.ඉතින් මේ ටයිගර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කෙනෙක්ගේ විස්තර හොයාගෙන එන්න ඒ මෙහෙයුම අතර වාරයේදි මෙයාට හම්බවෙනවා සෝයි කියලා ගැණු ළමයෙක්.ගහක් ගලක් වගේ ඉන්න ඕන කොල්ලෙක්ව කෙල්ලෙක්ට පුලුවන්නේ ගැස් සේරම බස්සන්න.අන්න ඒ වගේ දෙයක් වෙන්නේ සෝයිව අදුනගන්න ලැබුනට පස්සේ ටයිගර් එයාට ආදරේ කරන්න පෙළඹෙනවා හැබැයි මේ ආදර කතාව නිසා සිද්ද වෙන සිදුව්ම් මාලාව නම් මම කියන්නේ නෑ ඔයා අරගෙන බලලම ඉන්න.ආ තව එකක් හුගක් ෆිල්ම් වල මම හරි කැමතියි ඉන්ටර්වල් එක දාන වෙලාව බලන්න.මොකද හොදම තැනකනේ එක දාන්නේ.මේ චිත්‍රපටියේ නම් ඉන්ටර්වල් දාන තැනත් නියමම තැනක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
දර්ශන නිශාන්ත

උපසිරැසි ගැන්විමේ සහාය
හසිතා මහේෂි කපුගමගේ.


0

Cocktail [2012] Sinhala Subtitles


කොහොමච කට්ටිය පහුගිය දවස් ටිකේම මම පෙන්න හිටියේ නෑනේ.අලුත් සබ් එකක් අරන් එන්නත් බැරි උනා මොකද රාජකාරි වැඩ අස්සේ නේ අපිත් මේ දෙවල් කරන්න ඕන.මේ චිත්‍රපටියේ හොද පිටපතක් ඊයේ දවල් නිකුත් උනත් මේකට හරි යන්න සබ් එකක් නිකුත් උනේ රෑ 11ට වගේ.හැබැයි එකත් අපි දිලා තියන 400MB කොපි එකට මැච් උනේ නෑ.මොනා කරන්නද දන්න වැඩ සේරම දාලා සබ් එක හදාගත්තා.නෙට් එකේ දැනටත් අපි මේ දිලා තියන 400 කොපි එකට හරියන්න ඉංග්‍රිසි සබ් එකක් වත් නෑ.ඉංග්‍රිසි සබ් එනකම් ඉන්න ඕන නෑ.අපි දෙන්නම් අපිම හදලා සිංහලෙන්ම අන්න එකනේ අපේ විශේෂත්වේ.අපේ උදාර එහෙමත් ලගදි එහෙම චිත්‍රපටියක් දුන්නා මතක ඇතිනේ.මගේ උපසිරැසි ඉතිහාසේ මම හොදටම මහන්සි උන සබ් එක මේක.පාන්දර වෙනකම් ඇහැරිලා ඉදලා අද උදේ සිංදු ටික සේරම හදලා දවල් වෙද්දි වැඩ ඉවර කලා.ඇත්තටම මම මේක දෙන්න හිටපු එකක් නෙමෙයි.මේක සම්පුර්ණයෙන්ම ඉල්ලිමක් ඉටු කිරිමක්..නියම විදියට හින්දි චිත්‍රපටියක් උපසිරැසි දානවා කියන්නේ සිංදුත් එක්කම දාන්න හැකියාව තියෙන්න ඕන නැත්නම් මම හිතන්නේ නැ හින්දි සබ් දාන එකෙන් වැඩක් වෙයි කියලා.මොකද සිංදු ටික මැකුවම ලයින් තියෙන්නේ අඩුවෙන් නේ.කලින් කිව්වා වගේ සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ ඉක්මනට දුන්නා කියලා සිංදු අමතක කරලා සබ් දැම්මේ නම් නෑ

ච්ත්‍රපටියේ කතාව වෙන්නේ නම් යාළුවෝ තුන්දෙනෙක් අතර වෙන කතාවක්.වෙරොනිකා කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන සෙල්ලක්කාර ගැණු ළමයෙක්.ජිවිතේ ගැන සරළව හිතෙන හිතුන දේ කරන කෙනෙක්.එයාට හම්බවෙන යාලුවා මීරා කියන්නේ වෙරෝනිකාට වඩා වෙනස්ම කෙනෙක් ගතිපවැතුම් වලින් උසස් කෙනෙක්.මේ කතාවට එන තුන්වැනියා තමයි ගෞතම් එයත් සෙල්ලකාර ජිවිතයක් ගත කරන තරුණයෙන්.එකම ජාතියේ අයනේ එකට එකතු වෙන්නේ නේද වෙරෝනිකා හා ගෞතම් දෙන්නා කොහොමින් කොහොම හරි යාලුවෙලා එකට ඉන්න පටන් ගන්නවා.දෙන්නම එකම විදියට හිතන්නේ එකම ගතිපැවතුම් තියෙන්නේ ඒ නිසා ඒ දෙන්නට දෙන්නා හොදයි.හැබැයි වෙරොනිකාගේ හොදම යාළුවා මිරාට ගෞතම් ගේ හිත යනවා.මොකද එයා හිත ඇතුලෙන් එයාට හොයන්නේ යහපත් ගති පැවතුම් තියන ගැණු ළමයෙක් නිසා.ඒ සේරම මිරාගේ ගාව තියනවා.මිරාත් ගෞතම්ගේ ආදරයට අවනත වෙන්න පටන් ගන්නවා.ගැණු ළමයි දෙන්නෙක් එකම පිරිමි ළමයෙක්ට ආදරය කරනවා හැබැයි එයාගේ ආදරේ තියෙන්නේ එතනින් එක ගැණු ළමයෙක්ට විතරයි...මෙතනින් පස්සේ මොනා වෙයිද යාළුකම කියන දේට ආදරය එකතු උනාම අපි හිතන්නෙවත් නැති දේවල් වෙන්න පුලුවන්.ගෞතම් වෙරොනිකා මිරා මේ තුන්දෙනා අතර දිවෙන ආදර කතාව කොක්ටෙල් මෙම චිත්‍රපටියෙන් ඔබට නරඹන්න පුලුවන්.

හරි එහෙනම් අපි ගියා.ලගදි නම් අලුත් ෆිල්ම් එකක් අරන් එන්න වෙයිද දන්නේ නෑ.මේ මගේ 11වැනි හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්විම.ඔන්න එහෙනම් අපේ යාලුවන්ගේ ඉල්ලිම ඉටු කලා.ආ තව දෙයක් කියන්න ඕන 700 පිටපතට හා 400 පිටපතට වෙන වෙනම සබ් ඇති මතක් කරලා ඔයාලා ගත්තේ කොපි එකට ගැලපෙන සබ් එක ගන්න.මම ගත්තේ 400කොපි එක එකනම් හොදටම තිබ්බා.ඔන්න එහෙනම් අපි ගියෝ...



2

The Hunger Games [2012] සිංහල උපසිරැසි සමගින්



කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔන්න ඊයේ නිකුත් උනා.මේ දවස් ටිකේ නම චිත්‍රපටි එනවා පෙරේදා Battleship [2012] චිත්‍රපටිය ආවා අද ඔන්න The Hunger Games චිත්‍රපටිය ඇවිල්ලා.චිත්‍රපටය නිකුත් උන ගමන්ම කලින් වගේම උදාරයි මම එකතු වෙලා සබ් එක කරන්න ගත්තා.ඇත්තටම මේකේ වැඩිම කොටසක් දැම්මේ එයා..හරි වැඩි විස්තරයක් ඕන නෑ මෙන්න ෆිල්ම් එකේ කතාව

 අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් පලාතකින්ම තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයෙකු පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා.

 මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කැට්නිස්, තම ජීවිතකාලය පුරාම මේ තරඟය සඳහාම සූදානම් වූ තැනැත්තියක්.මෙම කතාව පුරාවටම දිවයන්නේ ඇය සියළුම බාධා හමුවේ, මනුෂ්‍යත්වය, ජීවිතය ආදරය යන සියල්ල සමඟින් මෙම තරඟයට මූණපාන අන්දමයි. ඇයට මොන ආකාරයේ බාධාවන්ට මූණදීමට සිදුවේද,තරඟය අතරතුර ඇයට කවර පුද්ගලයන්,ජීවීන් හා ගැටීමට සිදුවේද, අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද,ඇයගේ ජීවිතයම මින් වෙනස් මඟකට පෙරලේද,මේ සියල්ලටම පිළිතුරු කතාව නැරඹීමෙන් අවසානයේදී ඔබට දිස්වේවි.සාමාන්‍ය සටන් ජවනිකාවලට වඩා වෙනස්ම විද්‍යාත්මක හා තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.9ක් ලද චිත්‍රපටයක් මෙන්ම, ලංකාවේ සිනමාහල්වලදී පවා අතිශය ජනප්‍රියතාවයක් අත්කර ගත්තකි.





0

Wall-E [2008] සිංහල උපසිරැසි සමග..






ලගදි මට බලන්න හම්බුන ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න හිතුනා.ත්‍රිමාණ සජිවිකරන කාටුන් වලට කවුරුත් වැඩිය උපසිරැසි දෙන්න පෙළබෙන්නේ නෑ.එත් මම දැක්කා අපේ සූම් එකේ යාලුවෝ කිප දෙනෙක්ම පරණ ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දිලා තිබුනා.ඉතින් මටත් හිතුනා ලස්සන කතාවකට උපසිරැසි එකක් දෙන්න.වැඩි විස්තර නැතුව මම මේකේ කතාවේ සාරංශය පොඩ්ඩක් කියන්නම්.මේක IMDB හි 8.5ක ඉතා විශාල ප්‍රතිචාරයක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙන වනේ චිත්‍රපටිය කොච්චර ලස්සන එකක්ද කියලා.මේකෙ කතාව ලියලා වගේම
 අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Toy-story කතා මාලාවත්,Up,Ratatouille ,Monsters, Inc.,Finding Nemo ,John Carter,A Bug's Life වගේ ලෝක ප්‍රසිද්ධ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටි ලියපු, අධ්‍යක්ෂණය කරපු සුප්‍රසිද්ධ Andrew Stanton.

 WALL-E (Waste Allocation Load Lifter – Earth Class) කියන්නෙ කෙටියෙන්ම කිව්වොත් කුණූ අයින් කරන පුංචි රොබෝ කෙනෙක්. මෙයාගෙ කතාව තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.මෙයා විතරයි මේ ලෝකෙටම ඉන්නෙ.නෑ,නෑ, එයා එක්ක තව චූටි යාළු කැරපොත්තෙක් ඉන්නවා.(කැරපොත්තො ලේසියෙන් විනාස වෙන්නෙ නෑ කියල අපි කවුරුත් දන්නවනෙ).මේ කතාව හදලා තියෙන්නෙ අනාගතේ වෙන්න ඉඩකඩ තියෙන සිද්ධියක් ගැන හිතලා.ඇත්තටම මේ කතාවෙ තියෙන විදියට ලෝකෙ විනාස වෙන්න බැරිත් නෑ.කොහොම වුනත් මේ පුංචි රොබෝ අතේ තමයි මුළු ලෝකෙම පැවැත්ම රැඳිලා තියෙන්න.හරිම සංවේදී කතාවක්.මම කලින් සඳහන් කරපු කතාවලින් එකක් හරි බැලුවානම්, මේ කතාව බලන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ.පාඩුවක් වෙන්නෙ නෑ, අරගෙන බලන්න..

 මේක පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්.එහෙනම් බලලා අදහසක් දාලා යන්න.අපි මහන්සිවෙලා උපසිරැසි දෙන එකේ අපිට තියන එකම සතුට ඔබගේ ප්‍රතිචාරය පමණක්ම නිසා.


5

Jannat 2 (2012) with Sinhala Subtitles



ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.


සිංහල උපසිරැසි නිර්මාණය - දර්ශන නිශාන්ත පිරිස්.





1

Mirror Mirror 2012 සිංහල උපසිරැසි සහිතව



මම හිතන්නේ මාසගානකට පස්සේ මමත් ආපහු උපසිරැසි දාන්න පටන් ගත්තා.මුල කාලේ නම් එකපිට එක උපසිරැසි දුන්නත් කාර්ය්‍යබහුලතාවය නිසා එකක් දෙන්න බැරි උනා.ඔන්න ආපහු මම වැඩට ආවා.මේ මගේ 20වෙනි උපසිරැසි ගැන්විම.ස්නෝවයිට් නැත්නම් හිමකුමාරිගෙ කතාව අහපු නැති කෙනෙක් ඉන්නවද? නැහැනෙ..කැඩපත කැඩපත (mirror mirror) කිව්වම හැමෝම හිතුවත් මේ නම් සුපුරුදු හිම කුමාරිගෙ කතාව කියල, මේ කතාව බලල අවසන් වෙනකොට ඔබට තරමක වෙනසක් දැනේවි.සුරංගනා කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතාව සුරංගනා කතාව බොහෝ තැන්වලදී වෙනස් කර ප්‍රේක්ශකයින්ට නවතම අත්දැකීමක් ගේන්න සමත්වෙලා තියෙනවා.මං මේකට උපසිරැසි යොදන්න කල්පනා කලෙත් ඒකයි. හැමදාම අපි බලන ක්‍රියාදාම, ආදර කතා, සජීවීකරණ, හා හාස්‍ය සියල්ල එකටම ගැබ්වෙලා තියෙන කතාවක් කියල මේක හඳුන්වන්න මං කැමතියි.

 කතාව මෙහෙමයි, එකමත් එක කාලෙක ස්නො වයිට් කියල පොඩි ගෑණු ලමයෙක් ඉන්නවා නපුරු රැජිනක් එක්ක.රැජින කණ්නාඩිය ලඟට ගිහින් ඇහුවම කවුද ලෝකෙන්ම ලස්සනම කියල කණ්ණාඩිය කියනවා ස්නෝ වයිට් කියල..(දැන් හිතෙනවනෙ අපො මේකමද කියල?) මේක නෙමෙයි කතාව. බලන්න පටන් ගත්තම තේරෙයි සුරංගනා ලෝකෙ පවා කොච්චර අද වෙනස්වලාද කියල.. එහෙනම් ඉතිං අරගෙන බලන්නකො. ලේ පිරිසිදු කරගන්න හිතන කෙනෙක් ඉන්නවානම් මේක හුඟාක්ම ඒ අයට අනුමත කරන්න කැමතියි.මේ උපසිරැසි එක උපසිරැසි ගන්වන්න උදාර (රොකියා) උදව් කලා.එයාටත් බොහෝම ස්තුතියි.ඒ වගේම මේ චිත්‍රපටිය ගැන වගේම උපසිරැසි ගැනත් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.






0

Agneepath Sinhala Subtitles (අග්නිපාත් සිංහල උපසිරැසි සමගින්)



මේක 1990 දි නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ නැවත නිර්මාණය කිරිමක්.1990 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපැවේ අම්තාබ් බච්චන් විසින්.අද 2012 නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ
 එම චරිතය අගපාන්නේ රිතික් රෝෂන් විසිනි.කතාව කෙටියෙන් මේසේය ඉන්දියාවේ පොඩ් ගම්මානයක් තියනවා මාන්ද්වාකියලා මේ ගමේ ගුරුවරයෙක් ඉන්නවා.මේ ගුරුවරයා ගමේ ජනතාව යහමගට අරන් කීර්තියක් දිනා සිටින කෙනෙක්.මේ ගමට කාන්චා නැමති පුද්ගලයෙක් පැමිනේනවා.මොහු ගමේ ගම්මුලාදැනියාගේ පුතා.මොහු ඇවිත් ගමේ මත්ද්‍රව්‍ය ජවාරමක් පටන් ගැනිමට යනවා.මේකට අර ගුරුවරයා බධාපමුණුවනවා.අවසානයේ කාන්චා නැමති පුද්ගලයා මේ ගුරුවරයා නොකරපු වරදකට හසු කරලා ගම් වැසියන් ඉස්සරහාම මරා දමනවා.මේ ගුරුවරයාගේ පුතා මේ සිදුවිම් සේරම විදදරාගෙන අවසානයේ අවුරුදු 15කට පසු තම පලිය ගැනිමට සැරසෙනවා.මේම චිත්‍රපටයේ කාන්චා ගේ (දූෂ්ටයාගේ) චරිතයට පන පොවන්නේ සංජේ දත් විසින්.මම හිතන්නේ ඔහු සැහෙන්න දුරට ඒ චරිතෙට සධාරණයක් ඉටු කරනවා.මිට අමතරවමේම චිත්‍රපටයේ රිතික් රොෂන්,ප්‍රියංකා චොප්රා,ඔම් පුරි,රිෂි කපුර් වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලත් බලලා හොද නරක කියලා යන්න උපසිරැසි එක ගැන.

0

Ek Main Aur Ekk Tu සිංහල උපසිරැසි සමගින්


ඔයාලා බලන්නම වටින ලස්සන චිත්‍රයක්.පුංචි කතාවක් තියෙන්නේ හැබැයි එක චිත්‍රපටිය පුරාවටම ලස්සනට විහිදිලා යනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලයත් පැය 1 විනාඩි 52යි.හරියට ඉංග්‍රිසි චිත්‍රපටියක වේලාව වගේ.බොරු කැලි නැතුව කතාව ලස්සනට ගලාගෙන යාමක් මේ චිත්‍රපටිය තුල අපිට දකින්න පුලුවන්.මේ කතාවේ සාරංශය ගැන පොඩ්ඩක් කියනවා නම් රාහුල් සහා රිහානා ඇමරිකාවේ වේගාස්වල දැනට පදිංචි වෙලා ඉන්න දෙන්නෙක්.දෙන්නටම ජිවිතේ ප්‍රශ්න තියනවා.ඉතින් ඒ දෙන්නම ජිවිතේ ගැන කලකිරිමෙන් ඉන්නේ..මේ දෙන්නම දවසක අහම්බෙන් වගේ හම්බවෙනවා.එකත් වෙන්නේ අමුතුම විදියට.ඒ ටික නොකියා ඉන්නම් නැත්නම් කතාවේ රසයක් නෑ නේ.මේ දෙන්නා හම්බවෙන්නෙත් නත්තල් දවසේ ඉතින් එදා රැ මේ දෙන්නා දෙන්නම දුකින් ඉන්න හින්දා දුක නැතිවෙන්න යනවා පාටි එකකට.එතනින් මේයාලා හොදටම බිලා වැරදිලා කසාද බදිනවා...ඊට පස්සේ මොනා වෙයිද?ඒ ටික කියන්නේ නෑ අරන් බලන්න.මම බලපු ලස්සනම කතා අතරින් එකක් තමයි මේක.ඇත්තටම මම මේක දැනට සබ් දාන්නයි සේරම කරන්නයි 5පාරක් විතර බැලුවා.ඒ තරම් ලස්සන කතාවක් තියනවා.පවුලේ හැමෝටම එකට රසවිදින්න පුලුවන් හාස්‍ය විනෝදය සපිරුණු ෆිල්ම් එකක්.අනිවාර්යෙන්ම ඔයා නරඔන්න ඉන්න චිත්‍රපට ගොඩට මේ චිත්‍රපටයත් එක්කර ගත්තට පාඩුවක් නම් වෙන්නේ නෑ





චිත්‍රපටය ලබා දුන් දර්ශන හා ශේනාලි දෙපලට ස්තුතියි.

2

RA One සිංහල උපසිරැසි සමග







හරි ඔන්න කොහොමින් කොහොම හරි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරගෙන ආවා.ෆිල්ම් එක මුලින්ම උපසිරැසි දාන්න පාරගෙන හිටියේ පනිශර් උනත් අන්තිමට මගෙන් ඉල්ලිමක් කරපු නිසා මම උපසිරැසි ගන්වන්න තිරණය කලා.ඔහුගෙත් උදව් ඇතිව.රා වන් චිත්‍රපටය ලොව පුරා තිරගත විම ආරම්භ උනේ ඔක්තොම්බර් 26වනදායි.ඇත්තටම චිත්‍රපටය වෙනුවෙන් විශාල වියදමක් කල ඇති බව බැලු බැල්මට ඔබටත් බලාගන්න පුලුවන්.
 චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවා නම් ශේකර් පරිගනක ක්‍රිඩා හදන සමාගමක වැඩ කරන කෙනෙක්.මෙහුගේ පුතාගේ ඉල්ලිමට මොහු පරිගණක ක්‍රිඩාවක් නිර්මාණය කරනවා.ඒ පරිගණක ක්‍රිඩාවේ විරයාට වඩා දුෂ්ටයා බලවත් විදියට තමයි නිර්මාණය කරන්නේ.නමුත් අන්තිමට කවුරුත් නොසිතු දෙයක් සිදුවෙනවා එහෙනම් ත්‍රිමාණ පරිගණක ලොවේ සිටි දුෂ්ටයා සැබැ ලොවට පැමිනෙනවා.එයින් පසුව සිදු වන්නේ කවුරුත් අපේක්ෂා නොකල දේවල්.කතාව පැටලැලි වගේ නම් චිත්‍රපටය අරගෙනම බලන්න.ඒ වගේම පොඩ් දෙයක් කියන්න ඕන අද ඉදලා උපසිරැසි වෙනස් විදියකට දෙන්නේ.ඒ ගැන සදහනක් උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නා ෆොල්ඩර් එකේ තියනවා.ගැටලුවක් තිබුනොත් චිත්‍රපටය වෙනුවෙන් දාලා තියන ත්‍රේඩ් එකේ කියන්න යන්න.එහෙනම් මේ මගේ 17 වන උපසිරැසි නිර්මාණය රස විදින්න කියලා ඉල්ලන ගමන් අදහසක් දාලා යන්නත් අමතක කරනන් එපා.




2

Force සිංහල උපසිරැසි සහිතව



ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔබට ආසවෙන් නැරඹිය හැකි ජොන්එබ්‍රහම් රග ෆොර්ස් චිත්‍රපටය එන්න සිංහල උපසිරැසි එක්කම අරන් ඇවිල්ලා තියනවා.මේක දමිළ චිත්‍රපටයක් අනුසාරයෙන් නිපදවුවක් අතර එම චිත්‍රපටයටද හානි නොවන ලෙස මෙය නිපදවා තිබනවා කිව්වොත් නිවැරිදියි.මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ සිටින සේවකයින් 4දෙනෙකු වටා මෙම කතාව දිව යන අතර ඔවුන්ට මූණ පැමට වෙන කරදර භාදක හා එම ජිවිතය කොයි තරම් අවධානම් සහාගතද යන්න මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වයි.එහෙනම් සිංහල උපසිරැසි තියන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ.චිත්‍රපටය ඩවුන්ලොඩ් කරගෙනම බලලා හොද නරක පිළිබදව අදහසක් පළකරලා යන්න.


0

Murder 2 සිංහල උපසිරැසි සමගින්

ඔන්න වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනටම සිංහල උපසිරැසි දාලා චිත්‍රපටයක් අරන් ආවා.මර්ඩර් 2.චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන "ඉම්රාන් හෂ්ම්" (අර්ජුන්)කියන්නේ, පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්.හැබැයි මොහු පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන්. ඒ අතර ‍එක් දිනක් පතාල ව්‍යාපාරිකයෙක් මොහු හමුවිමට එනවා. ඒ ඔහු ලග වැඩ කරන ගෑණූ ළමයින් හදිසියේ අතුරුදහන් විම හේතුවෙන්. මේ ගැහැණු ළමුන් අතුරුදහන් විමේ සුලුමුල සොයා ගැනිමට මොහුට හැකිවෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අනිවාර්යෙන් බලන්නම සිදුවෙනවා. මෙහි ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා. තව දෙයක් කියන්න ඕන.චිත්‍රපටය ගැන නොයෙක් අකාරයේ කතා අහලා තියෙන නිසා සමහර වෙලාවට ඩවුන්ලොඩ් කරන්න දෙපාරක් හිතන්න පුළුවන්.ඒත් එක් දර්ශනයක් හැරුණු කොට මෙහි වෙන කිසිදු සරාගි දර්ශනයක් ඇතුලත් වෙන්නේ නෑ.මේ චිත්‍රපටය ගැන තිබෙන ඇතැම් කටකතා අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න.මේ චිත්‍රපටය හොඳනැති එකක් නම් කීයටවත් මම උපසිරැසි දාන්න හිතන්නේ නෑ.එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න අමතක කරන්න එපා.මේ උපසිරැසි ෆයිල් එකක් කරන්න වෙන මහන්සිය දන්නේ කරන අපි විතරයි.ඒ නිසා කතෘ අයිතිය මකලා දාලා මේ උපසිරැසි දාපු ගමන් වෙන සයිට් වල ගිහින් දාන්න කලින් ඒක මගෙන් හරි පොඩ්ඩක් අහන්න කරුණික වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


0

Engeyum Kadhal (ආදරය සැමතැන) සිංහල උපසිරැසි සමග



කාලේකට පස්සේ වෙනස්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි දැම්මා.මේච්චර දවස් ඉංග්‍රිසි චිත්‍රපටවලට උපසිරැසි දාපු නිසා වෙනසකටත් එක්ක දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.දමිළ චිත්‍රපට වලට ඒ තරම් ඇලුම් නොකලත් මේ චිත්‍රපය නැරඹුවම මට මේකට සිංහල උපසිරැසි දාන්න ඕන මයි කියලා හිතුනා.හැමදාම පිරිමි ලමයිනේ ආදරය ඉල්ලගෙන ගැණුළමයි පස්සෙන් යන්නේ.මේ කතාව ඊට වඩා වෙනස්.ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ.කතාව වැඩිය විස්තර කරන්න නම් යන්නේ නෑ.පැය 2ක් පුරාවට හාස්‍ය රසය සමග ලස්සන ආදරෙන් පිරුණු කතාවක් ඔයාලට මේ චිත්‍රපටය නැඹුවොත් දැක ගන්න පුලුවන් වේවි.ඒ එක්කම මේ චිත්‍රපටයේ හොද කොපියක් හොයා ගන්න උදව් කරපු හැමොටම වගේම මේකේ සබ් ගොනුව(අංකන දත්ත පිටපත) නැවත සකස් කිරිමට උදව් කරපු දර්ශන ටත් ස්තුතිය පුද කරනවා .මොකද ඉංග්‍රිසි එකේ පිටපත සිංහල සබ් දැම්මනම් චිත්‍රපටය තේරුම් ගැනිමට ටිකක් අපහසු වෙන නිසයි ඒ වෙනස කලේ..එහෙනම් චිත්‍රපටය නරඹලා අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.



0

Hachi: A Dog's Tale සිංහල උපසිරැසි සමඟ


බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු ඉතාමත් සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා.. මේ චිත්‍රපටය බලපු වේලාවේම මට මේකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටය නැවත ඉංග්‍රිසි බසින් චිතුපටයකට නැගුනේ 2009 වර්ශයේ දිය.කතාව විස්තර කරන්න උවමනාවක් නෑ ඔයාලා ඩවුන්ලොඩ් කරගෙනම බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා.මෙම චිත්‍රපටය IMDB හි 8.2 / 10 Rating ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ.. මේ මගේ දෙවන උපසිරැසි ගැන්විමයි.ඒ වගේම චිත්‍රපටයේ උපසිරැසි ගැන ඔබට හිතෙන හොද නරක සියල්ලම කියනවා නම් එක වටින දෙයක්...