Showing posts with label ක්‍රියාදාම. Show all posts
Showing posts with label ක්‍රියාදාම. Show all posts
0

Total Recall [2012] with sinhala subtitle


ඔන්න තවත් චිත්‍රපටියක් නිකුත් උන විගසම අරගෙන ආවා.ඇත්තටම මේක අපේ සුම් උපසිරැසි කණ්ඩායමේ ප්‍රසාද් ශ්‍රිමාල් කලින් උපසිරැසි ගන්වලා එවලා තිබ්බා නමුත් කොපි එකට පොඩ්ඩක් විතර ගැලපුනේ නෑ.ටිකත් ලයින් ගානත් අලුත් කොපි එකේ වැඩිය තිබ්බ නිසා මම හදන්න අරගත්තා.මේකේ තවමත් ඉංග්‍රිසි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ.හැබැයි හැම උපසිරැසි එකක්ම දෙපාරක්ම පරික්ෂා කරලා බලලා දාන්නේ.ඒ නිසා අර්ථය ගැන බයවෙන්න දෙයක් නැහැ.ප්‍රසාද් ඇත්තටම උපසිරැසියට ලොකු සාධාරණයක් කරලා තිබ්බා ඉංග්‍රිසි උපසිරැසි එකක් නැතුවම උපසිරැසි දාලා.මේ කතාව ගැන මම නොකියා අපේ ප්‍රසාද් එවපු කතාව පල කරනවා.කොහොමත් චිත්‍රපටියක කතාව ලියන එක තමයි මට නම් අමාරුම වැඩේ.මේක ගැන කියන්න තියෙන්නේ ඔයාලා Source Code,Inception වගේ නිර්මාණ වලට කැමතිනම් මේක නම් මගහරින්න එපා.නැවතත් අලුත් ම චිත්‍රපටියත් එකක් ප්‍රසාද් වගේම මමත් ඔයාලව හම්බවෙන්නම්. චිත්‍රපටියේ ඉතුරු කතාව ප්‍රසාද්ගෙන්

IMDB Ratings 6.9/10 ක් මෙය ලබාගෙන තියෙනවා, ඒ වගේම සිනමාවට අලුත් නළුනිළියන් පිරිසක් මෙහි ඉන්නවා, ඒකත් විශේෂයිනේ...කතාව ගැන කියනවා නම් මේකයි සාරාංශය...පෘථිවිය විනාශ වී යෑම නිසා වෙනත් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් කොට්ඨාසයක් සිටිනවා, මෙවැනිම තවත් මිනිසුන් කණ්ඩායමක් තමන්ට වාසි ලබාගත හැකි මිනිසුන්ගේ මතකය නැති කර, ඔවුන්වත් තමන්ගේ හමුදාවට ඇතුල් කරගනිමින් පෘථිවියේ මිනිසුන් වාසය කරන ජනපදය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා, මෙම හමුදාවේ සොල්දාදුවන් තමයි රොබෝවරු. මෙම හමුදාවට ඇතුල් කරගැනීමට සැරසෙන ඩග්ලස් නැමති තැනැත්තාට යම් කිසි අකරතැබ්බයක් වී ඔහුගේ අලුත් මතකය හා පැරණි මතකය අතර තැනක හිරවෙනවා, ඉන්පසු ඔහු තමන්ගේ පැරණි මතකය සොයාගෙන ජනපදයේ මිනිසුන්ව ආරක්ෂා කිරීම සඳහා අනෙක් හමුදාව සමග කරන විශාල සටනක් තමයි කතාවේ දිගහැරෙන්නේ... හරිම ෂෝක් සිද්ධියක් මේක ඇතුලේ තියෙනවා... මටනම් ඒකට ටිකක් තරහත් යනවා, මේ ඩග්ලස් කියන පුද්ගලයාට ඉන්න ලොකුම සතුරා තමයි එයාගෙම ලස්සන බිරිඳ! එයාගේ බිරිඳ එයත් එක්ක අවුරුදු හතක්ම එකට ඉඳලා තියෙන්නේ එයාලගේ හමුදාවේ මෙහෙයුමක කොටසක් විදියට. ඔන්න දැන් බිරින්දෑවරුන්ගේ හැටි කියලා හිතෙනවා මේක බැලුවම :/මේ වගේ කතාවක් මම නම් මීට කලින් චිත්‍රපටියක දැකලා නෑ.. අපිටත් අලුත් අත්දැකීමක්, මේ චිත්‍රපටිය මට දැනුම්දීම ගැන අපේ ඇඩ්මින්තුමාට ස්තුතිවන්ත වෙමින් ඔයාලා ලොකු පොඩි හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් සමඟ හසිතා මහේෂි විසිනි


Wrong Turn 5: Bloodlines with sinhala subtitle


මම කිව්වනේ මගේ විභාග වලින් පස්සේ ඔයාලට ෆිල්ම් ගොඩක් දෙනවා කියලා.මේ තමයි අද දවසට මම දෙන දෙවැනි චිත්‍රපටිය.මම කලින් එක දෙනකොට කිව්වනේ ඔයාලා ඉල්ලපු ඉල්ලිමකුයි මේ පාර මගේ උපසිරැසි ගැන්විම වෙන්නේ කියලා.මේ ගැන ඇත්තටම මට ඊයේ රෑ තමයි ඇඩ්මින් කිව්වේ.ඒ වෙනකොට මම වෙන චිත්‍රපටියක් දාන්න අරන් තිබ්බේ.හැබැයි මේකට සබ් දාන්න කියලා මටත් ඉල්ලිම් කිහිපයක් ආවා වගේම අපේ උපසිරැසි ඉල්ලිම් ත්‍රේඩ් එකේ පිටු දෙකක් පුරාවට මේ චිත්‍රපටියේ නමමයි තිබ්බේ මේකට උපසිරැසි දෙන්න කියලා.ඉතින් ඔයාලගේ ඉල්ලිමක් කොහොමද අහක දාන්නේ.මේ චිත්‍රපටියට මුලින් උපසිරැසි ගන්වන්න වැඩි කැමත්තක් තිබුනේ නෑ.ඇත්තටම මම මේ වගේ චිත්‍රපටි වලට ආස නෑ.උපසිරැසි දාන්න ගියාම අඩුම ගානේ දෙපාරක්වත් මේක බැලෙනවා.කොහොම හරි උපසිරැසි දෙන්න උවමනාම නිසා මේක අද උදේ වැඩ පටන්ගත්තා හවස්වෙද්දි කරලා ඉවර කරන්න පුලුවන් උනා.

2003 වසරේ මේ චිත්‍රපටිමාලා වේ පලමු චිත්‍රපටිය නිකුත් උනා.එය ටිකක් විතර කතාබහට ලක්වුන අතර මෙම චිත්‍රපටි මාලාවේ 2වැනි චිත්‍රපටිය නිකුත් වන්නේ 2007 වසරේදිය.එයද යම් විදියට ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනා ගැනිමට හැකි උනා.පසුව 2009 වසරේ තෙවැනි හා 2011 වසරේ සිව්වැනි කතාමලා නිකුත් වු අතර අද ඔබට ලැබෙන්නේ 2012 වසරේ නිර්මාණය වු මෙම චිත්‍රපටියේ නවතම චිත්‍රපටියයි. ප්‍රේක්ෂයන්ට අනුව මෙහි මුල් චිත්‍රපටි දෙක පමණක් ඉතා ගුණාත්මක භාවයෙන් තිබුනා යැයි ඔවුන් පවසනවා.තුන්වැනි හා හතරවැනි චිත්‍රපටි වල කලින් නිකුත් වු ඒවා තරම් කතාව හොද තත්වයකින් නැති බවටත් ඇතැම් අය අදහස් පලකරනවා.මම මේ කලින් චිත්‍රපටි නරඔලා නැති නිසා ඒම කතාව ඇත්තද නැත්තද තිරණය කිරිම ඔබට බාරයි.

දැන් කතාව පැත්තට හැරෙමු.තරුණ තරුණියන් පිරිසක් විනෝද චාරිකාවක් යැමට අදහස් කරගන්නවා.ඔවුන් යන්නේ වෙබර්,ෆෙයාර්ලේක් කියන කුඩා ගම්මානයේ පවතින උත්සවයකට සහාභාගි විම සදහායි නමුත් අතර මගදි මොවුන්ට ලොකු අකතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.සිත්පිත් නැති මනුෂයන් සේ සිටින මොලේ විකාර වු අමනුෂ්‍යයන් පිරිසක් අතට මොවුන් හසුවෙනවා.ඔවුන් සතුටු වෙන්නේ මිනිසුන්ට දසවද දිලා මරලා දාලා මිනිමස් කලා.කතාව වැඩිය විස්තර කරන්න යන්නේ නෑ මොකද මේ චිත්‍රපටිය පොඩි කතාවක් වටා තමයි ගෙතෙන්නේ.එක නිසා ඒ පොඩ්ඩ පැහැදිලි කලොත් බලන්න කතාවක් නැතිවෙනවා. අනිවාර්යෙන් මතක් කරනන් උවමනා එක දෙයක් තියනවා. මේ චිත්‍රපටිය අනිවාර්යෙන් වැඩිහිටියන්ට පමණක් සිමා වුන එකක් (+21) මෙහි ලිංගික දර්ශන කිහිපයක්,දරුණු ලෙස වදදිම් කර මරාදැම්මි කරන දර්ශන හා අසැබ්වදන් බොහෝ සෙයින් අඩංගු වෙනවා.හැබැයි කිසිම අසභ්‍ය වචනයක් සිංහලයට ඒ අකාරයින්ම පරිවර්තනය කරලා නෑ.ඉංග්‍රිසි හෝඩියේ අකුරු 26ක් අනාට සිංහල හොඩියේ අකුරු 60කට වඩා තියනවනේ.ඒ නිසා ඒ සදහා ගැලපෙන භාවිතා කල හැකි වදන් යොදන්න මම උත්සහා කලා.චිත්‍රපටියේ උපසිරැසි වලට මම කොතරම් සධාරණයක් ඉටුකලාද යන්න තිරණය කිරිමට ඔබට බාරයි.ගිහින් එන්නම් ලගදිම තවත් හොද චිත්‍රපටියක් එක්කම හමුවෙමු.



2

The Adjustment Bureau (2011) with sinhala subtitle


ඔයාද ඔයාගේ ජිවිතේ පාලනය කරන්නේ? ඔයා ඔයාට උවමනා දේවල්ද කරන්නේ? ඔයා ඔයා කැමති කෙනාටද ආදරේ කරන්නේ?ඔයා කැමති දේවල් කරන්න යනකොට බාධක ගොඩයි නේද?එවැනි වෙලාවට ඔයා එවයින් පැනලා යනවද නැත්නම් ඔයා ජිවිතේට මුණ දෙනවද? ඇත්තටම අපි අපේ දෛවය තීරණය කරනවද නැත්නම් කවුරුහරි අපේ ජීවිත පාලනය කරනවද?මේක කොයිතරම් අවස්ථාවල අපිට හිතිලා තියෙනවද නේද?මේ කතාව ගොඩනැගෙන්නෙත් අන්න එහෙම හිතන්න වෙන සිද්ධියක් පාදක කරගෙන.මිනිස්සු කොයිතරම් තත්ත්වයන්හි හිටියත්, කොච්චර ඉහල කෙනෙක්, කොච්චර සැහැල්ලු ජීවිත ගතකරන අය වුනත්, අපි හැමෝගෙම හැඟීම් බොහෝ වෙලාවට එක සමානයි නේද? අපි හැමෝටම පොදු හැඟීම් ගොඩක් තියෙනවනෙ.ආදරය කියන්නෙත් අන්න ඒ වගේ හැඟීමක්. කොයිතරම් එකිනෙකට වෙනස් තරාතිරම්වල අවස්ථාවල ඉන්න දෙන්නෙක් වුනත්, ආදරය කරන්න ගත්තම තමන් අයත් කොතනද කියන දේ අමතක වෙනවා.මේ කතාවෙ කතා නායකයා, නැත්තම් ප්‍රධාන චරිතය ඩේවිඩ් නොරිස් කියන්නෙ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙක්. ඔහුගේ දෛවය ඔහුව යොමු කරලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආදරය ලබන්න.මිනිස්සුන්ට කතාකරන්න, ඔවුන්ගෙ වැඩ ගැන හිතන්න.ඔය අතරෙ එලිස් කියන්නෙ දක්ෂ බැලේ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම සුන්දර කාන්තාවක්.හරිම අහම්බයකින් දවසක් මේ දෙන්නා මුණගැහෙන්නෙ. කොහෙත්ම කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදියට මේ දෙන්නා ආදරයෙන් බැඳෙන්නෙ.එදා ඉඳන් නොරිස්ට ඕන කරන්නෙ මේ ගෑණු කෙනත් එක්ක ඉන්නයි. නමුත් මොකක්හෝ දෙයක් මේ දෙන්නාව නිතරම ඈත් කරනවා.ඒ දෛවයද නැත්නම් කවුරුන් හෝ කරන දෙයක්ද? අවසානයේ ඩේවිඩ්ට තෝරාගැනිමක් ලැබෙනවා ඒ ඇමරිකාවේ ජනපති කමද නැත්නම් තමන් ආදරය කරන කෙනා සමග ජිවිතය ගත කිරිමද යන්න.ඔබට එවැනි තෝරාගැනිමක් ලැබුනොත් හිතන්න ඔබ කරන රැකියාවේ උසස්ම තනතුර පිරිනමන්න ලැස්තියි නමුත් ඔබට දැන් තියන ආදරය අහිමිකරගන්න ඕන.ඔයාගේ තිරණය මොකක් වෙයිද.ඩේවිඩ්ගේටත් ඒ වගේ දෙයක් වෙනවා තමන්ගේ හිනයක් වන ඇමරිකාවේ ජනපතිකමද?නැත්නම් ඔහුගේ ආදරවන්තියද?ඔහු මේ බලපෑමට කොහොම මුහුණදෙයිද?නොරිස් කුමන පාර්ශවය තෝරාගනීද? මිනිසුන් දහස් ගණනකගේ ගෞරවය ලැබෙන ලෝකයේ ඉහලම තනතුර වන ඇමරිකාවේ ජනපතිකමද? නැත්තම් තමන් ලොව දුටු එකම සුන්දර කාන්තාවගේ ආදරයද?

කාලයක් ඉදන් මේ චිත්‍රපටිය ඔබ හමුවේ තබන්න මම උත්සහා කලා.ඇත්තටම ටිකක් උපසිරැසි ගන්වන්න අමාරු උන වගේම ටිකක් ලයින් වැඩිපුර තිබුන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය IMDB හි 7.1 අගයක් ලබාගෙන තියනවා.ඔබට පේනවා ඇති චිත්‍රපටියේ ජනප්‍රියතාවය එයින්ම.මේ කතාව ඒ වගේම පොඩ්ඩක් පැටලිලි සහගතයි.අවදානයෙන් බලාසිටියේ නැත්නම් කතාව නොතේරි යන්න පුලුවන්.එක නිසා කතාව සම්පුර්ණ අවධානයෙන් බලන්න.එහෙනම් ලගදිම තවත් හොද චිත්‍රපටියකින් මුණගැසෙමු.


0

Death Race (2008) with Sinhala Subtitles


මේ චිත්‍රපටිය අරන් එන්න හේතු ටිකක් තිබුනා ඒ ගැන මතක් කරගෙනම චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් බලමු.උපසිරැසි දාන්න අරන් දැනට මම අවුරුද්දයි මාස 9ක් වෙනවා.මාස වලින්ම කිව්වොත් මාස 21ක්.ඒ මාස කිහිපය ඇතුලත මගේ අතින් උපසිරැසි ගන්වපු චිත්‍රපටි 33ක්ම ඔබ හමුවේ තබා අවසන් මේ අද උපසිරැසි සමගින් ඔබට ලැබෙන්නේ 34වැනි චිත්‍රපටියයි.මේක ටිකක් පරණ උනත් උපසිරැසි ගන්වන්න හිතුවේ කාරණා කිහිපයක්ම නිසයි එකක් මම මුලිව්ම මගේ උපසිරැසි එක පටන් ගත්තේ Death Race 2 චිත්‍රපටියෙන්නේ. ඉතින් මම මේකේ පලවෙනි චිත්‍රපටියට උපසිරැසි දිලා නැත්නම් ඒක ලොකු අඩුවක් නේද කියලා මට හිතුනා.එක නිසා ඔන්න මේ චිත්‍රපටිය උපසිරැසි එක්කම දෙන්න හිතුවා.මම හිතනවා ඔබ කැමතිවෙයි කියලා.

කතාව ගැන නම් කියන්න උවමනා නැතිවෙයි මොකද ගොඩක් අය බලලත් ඇති නැත්නම් කතාව පොඩ්ඩක් විතර අහලත් ඇති.කමක් නෑ මම පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම් ජෙන්සන් කියන්නේ කාර්මාන්ත ශලාවක වැඩ කරන සමාන්‍ය පුද්ගලයෙක්.මොහු දිනක් රැකියාව නිම කර ගෙදරට එනවා මොහු විවාහකයි ජෙන්සන්ට කුඩා ළමයෙකුත් ඉන්නවා.නමුත් එදා සිදුවන්නේ කවදාවත් සිදුවිය නොවිය යුතු දෙයක්.ජෙන්සන් උඩතට්ටුවට ගොස් පහලට එද්දි බිරිද ලේ විලක් මත හැරිසිටිනවා දකිනවා, මිනිමරුවාත් ඒ අසල සැගවි ඉදලා ජේසන්ව සිහිය නැති කරලා ඔහු මේ මිනිමැරුම කල ආකරයට එත්තු ගන්වනවා.බිරිදව මැරිමේ වරදට ඔහුව හිරබාරයට ගන්නවා.මොහුව පසුව දුපතක තිබෙන එක්තරා සිරකදවුරකට මාරු කර යවනවා.මේ සිරකදවුර එසේ මෙසේ සිරකදවුරක් නෙමෙයි.මෙහි වාර්ශිකව තරගයක් පැවැත්වෙනවා සිරකරුවන් යොදාගෙන.ඒ තරගය ජිවිතයත් මරණයත් අතර තරගයක්. ජයග්‍රහකයාට ලැබෙන ත්‍යාගය තමයි හිරෙන් නිදහස් වි යාම.ජෙන්සන්ටත් මේ තරගයට අකමැත්තෙන් වුවද සහාභාගි වෙන්න වෙනවා.මේ අතර වාරයේ එදා රෑ ජේසන්ගේ නිවසට පැමිණ බිරිදව මරා දැමුවේ කවුද? ඇයි එහෙම කලේ කියන එවට උත්තරත් ඔහුට දැනගන්න ලැබෙනවා.ඇත්තටම මෙහෙම කලේ ඇයි?ජේසන්ට මේ තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහනය කිරිමට හැකිවෙයිද?මේ තරගය මොනවගේ එකක්ද මේ සියල්ල දැනගන්න ඔබ මේ චිත්‍රපටිය නරඔලා නැත්නම් අනිවාර්යෙන් නරඔන්න.ඒ වගේම නරඔලා තියන අය කැමතිනම් මතකය අලුත් කරගන්න නැවත නරඔන්න.ඒ වගේම ඔබ ඩෙත්රෙස් 2 චිත්‍රපටිය නරඔලා නැත්නම් මෙතනින් ගිහින් එකත් අරගන්න පුලුවන්

මේ චිත්‍රපටිය IMDB හි මනාප 94,268කින් 6.4 අගයක් දිනාගෙන තියනවා.ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය වන ජෙන්සන් ගේ චරිතයට පණ පොවන්නේ මම ආසම නළුවෙක් වෙන ජේසන් ස්ටේතම්.මෙහි R වර්ගිකරණයට ලක්වුනත් වැඩිහිටියන්ට පමණක් නොව ඔනැම කෙනෙක්ට බලන්න පුලුවන් චිත්‍රපටියක්. නමුත් R වර්ගිකරණ ලැබි තිබෙන්නේ මෙහි ඇතුලත් ත්‍රාසජනක ජවනිකා හේතුවෙන්.එවැනි ජවනිකා බලන්න පුලුවන් නම් කිසිදු ප්‍රශ්නයක් නෑ ඔබට මේ චිත්‍රපටිය නරඔන්න පුලුවන්.එහෙනම් ඊලගට මම...ඔයාලා කිපදෙනෙක් මගෙන් මේ දවස් ටිකේම ඉල්ලලා inbox එක පුරවපු චිත්‍රපටියක් අරගෙන එන්නම්.ගිහින් එන්නම් එහෙනම්.හැමෝටම සුභ දවසක්.

0

EK THA TIGER (2012) with Sinhala Subtitles


ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තා තියපු චිත්‍රපටියක් තමයි එක් තා ටයිගර් කියන්නේ.කලින් ඒ අදායම් වාර්තාවට හිමිකම් කිව්වේ ත්‍රි ඉඩියට් චිත්‍රපටිය.නමුත් මේ චිත්‍රපටිය ඒ සියළු ආදයම් වාර්තා බිදහෙලුවා.කොහොමත් සල්මන් ඛාන් ඉන්න ෆිල්ම් වල පොඩි ගතියක් තියනවා.බොඩිගාඩ් දෙමළ චිත්‍රපටියට වඩා හින්දි එක නියමෙට තිබ්බනේ.අනික පොඩි පොඩි කොමඩි කැලි කිහිපයක් ඕනම ඇක්ෂන් ෆිල්ම් එකක උනත් සල්මන් ඛාන් දාන්න අමතක කරන්නේ නෑ.අනික මගෙත් ආසම නළුවා. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ පකිස්ථානයේ හා ඉන්දියාවේ අතර තියන රහස් කණ්ඩායම් දෙකක් ගැන ඉන්දියාවේ රහස්කණ්ඩායමේ තමයි මේ ටයිගර් ඒ කියන්නේ සල්මන් ඛාන් වැඩ කරන්නේ.චිත්‍රපටිය පටන් ගත්ත ගමන්ම හොද වලියක් එහෙම දකින්න පුලුවන් වේවි.ඉතින් මේ ටයිගර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කෙනෙක්ගේ විස්තර හොයාගෙන එන්න ඒ මෙහෙයුම අතර වාරයේදි මෙයාට හම්බවෙනවා සෝයි කියලා ගැණු ළමයෙක්.ගහක් ගලක් වගේ ඉන්න ඕන කොල්ලෙක්ව කෙල්ලෙක්ට පුලුවන්නේ ගැස් සේරම බස්සන්න.අන්න ඒ වගේ දෙයක් වෙන්නේ සෝයිව අදුනගන්න ලැබුනට පස්සේ ටයිගර් එයාට ආදරේ කරන්න පෙළඹෙනවා හැබැයි මේ ආදර කතාව නිසා සිද්ද වෙන සිදුව්ම් මාලාව නම් මම කියන්නේ නෑ ඔයා අරගෙන බලලම ඉන්න.ආ තව එකක් හුගක් ෆිල්ම් වල මම හරි කැමතියි ඉන්ටර්වල් එක දාන වෙලාව බලන්න.මොකද හොදම තැනකනේ එක දාන්නේ.මේ චිත්‍රපටියේ නම් ඉන්ටර්වල් දාන තැනත් නියමම තැනක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
දර්ශන නිශාන්ත

උපසිරැසි ගැන්විමේ සහාය
හසිතා මහේෂි කපුගමගේ.


0

Soldiers of Fortune (2012) with Sinhala Subtitles


මේක සූම් එකේ උපසිරැසි ඉල්ලිම් වල ඉල්ලුම් කරනු ලැබු චිත්‍රපටියක් හරිනම් මේ චිත්‍රපටිය ඔබට සිංහල උපසිරැසි සහිතව ලැබෙන්න ඕන ඇත්තටම මේකේ ටොරන්ට් පටය නිකුත් වෙලා හරියටම සතියක් ගියාමයි.ඒ කියන්නේ දැනට මාසයකට විතර කලින්.මේක ආව කාලේම තාරක මේ චිත්‍රපටියේ උපසිරැසි ගැන්විමේ කටයුතු පටන් ගත්තත් අලුතෙන් එකතු වු කෙනෙක් මේ චිත්‍රපටිය එයා උපසිරැසි ලබා දෙන්නම් ඇඩ්මින්ට කියලා මේක වෙන් කරගෙන තියනවා.තාරක එවිටත් චිත්‍රපටියේ ලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් සම්පුර්ණ කරලා තිබිලා තියනවා.නමුත් කෙනෙක් ඉල්ලුවා කියලා දැනගත්තම එයා එතෙක් සම්පුර්ණ කරපු උපසිරැසි එක දාන කෙනාට යවන්න කියලා ඇඩ්මින්ට යවලා තියනවා.චිත්‍රපටිය අලුතෙන් උපසිරැසි දාන්න බාරගත්ත කෙනාගෙන් ඇඩ්මින් උපසිරැසි නිමකලාද අහලා යැව්වත් තවම දමමින් පවතිනවා කියා පැවසුවත් උපසිරැසි එවලා නම් නැහැ.ඇත්තටම තමන් චිත්‍රපටයක් උපසිරැසි කරන්න අපහසු නම් හරි බාරගෙන කරන්නේ නැත්නම් ඒ ගැන දන්වලා එවිමට කාරුණික වන්න.මොකද ඒ චිත්‍රපටිය බලාපොරොත්තුවෙන් පිරිසක් බලන් ඉන්න නිසා.එවැනි අය නිසා ඔබට මේ චිත්‍රපටිය අපට දෙන්න ප්‍රමාද විම ගැන අප ZOOM රසික හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

මම කලින් කිව්වා වගේ තාරකගේ උපසිරැසි එක මම සම්පුර්ණ කරන්න හිතුවා.මේ දවස්වල ඇත්තටම SLIIT එකේ වැඩ exam වැඩ අතර වාරයේ උනත් පැයක් දෙකක් වෙන් කරගෙන තමයි මේ විදියට උපසිරැසි දාලා දෙන්නේ.රේටින් පස්සේ ගිහින් චිත්‍රපටි බලනවා නම් ඒ අයට මේක දැක්ක ගමන් රේටින් 4.3ක් නිසා මදි වගේ පෙන්න පුලුවන්.නමුත් චිත්‍රපටියට රේටින් 6.5ක් වත් ලැබෙන්න ඕන කියලා මම හිතනවා.මුලින්ම එහෙනම් චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලම ඉන්න.මේ චිත්‍රපටියේ ඔබ දන්න අදුනන නලුනිළියන් කිපදෙනෙක්ම රංගනයෙන් දායක වෙනවා.Sean Bean,Ving Rhames,Christian Slater රංගනයෙන් දායක වන මේ චිත්‍රපටියේ කතාව මෙහෙමයි.

සෝල්ජර්ස් ඔෆ් ෆෝචූන්, එහෙමත් නැත්තම් වාසනාවන්ත සොල්දාදුවෝ කියන්නෙ හමුදාව මඟින් මෙහෙයවන තරඟයක්. මේකට සහභාගී වෙන්නෙ ලෝකෙ ඉන්න ප්‍රභලම ධනවතුන් පස් දෙනෙක්.දන්නවනෙ ඉතිං, සල්ලි අතේ තියෙනවානම් වියදම් කරන්න විදියකුත් තියෙන්න එපැයිනෙ. ඒ හේතුව නිසා මේ තරඟයට ඉදිරිපත්වෙන පස් දෙනා ගැන කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.


* චාර්ලි කියන්නෙ පරම්පරාවෙන්ම ලොක්කෙක් මෙයා වැඩ කරන්නෙ ලෝක ප්‍රසිද්ධ සල්ලිකාරයින්ගෙ තැන:වෝල් ස්ට්‍රීට්වල බැංකුකරුවෙක් හැටියට
* හෞස්මාන් කියන්නෙ හුඟක් වයස වුනත් ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. එක්තරා ජංගම දුරකථනයක් නිපදවපු කෙනෙක් හැටියටයි මෙයාව ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ
* ඊලඟට ග්‍රිමෝඩ්-පෙනුමෙන් බැලුවම පේන තරමටම දරුණු යුධ ආයුධ නිපදවන්නෙක්, බෙදාහරින්නෙක්
* ඩිමිඩොව්-ලෝකෙ අංක එකේ පතල් හිමිකරුවෙක්, සල්ලාලයෙක් කිව්වත් නිවැරදියි
අන්තිමට,
* සින්-දරුණු වීඩියෝ ගේම් නිෂ්පාදකයෙක්.මෙයා හදපු ගේම් එකක් නිසා ලමයි කීපදෙනෙක්ම තමන්ගෙ දෙමව්පියන්ව මරලා දාලා තියෙනවලු.


ඉතිං මේ කියන අය තමයි මේ සෝල්ජර්ස් ඔෆ් ෆෝචූන් තරඟෙට ඉදිරිපත් වෙන්නෙ. මේ තරඟෙදි මේ අයට නියම යුධ අත්දැකීම් ලබාදෙන්නයි කැප්ටන් ක්‍රැග් ඇතුළු පිරිස කටයුතු කරන්නෙ.ඒත් මේ කවුරුවත්ම හරියට කලින් යුද්ධ කරපු අය නෙමෙයි.මේ අය මේ තරඟෙට ඉදිරිපත් වෙන්නෙ ඇයි කියන එක කතාව බලාගෙන යද්දි තේරෙයි. ඇත්තටම සැපට ඉඳලා යුද්ධ කරන්න ආපු මේ පිරිසට අන්තිමේ ඇත්තටම යුද්ධ කරන්නයි සිදුවන්නේ.සැබැ හමුදාමෙහෙයුමක් කියන්නේ හිතන තරම් විනෝදජනක දෙයක් නෙමෙයි එය ජිවිතයත් මරණයත් අතර සටනක්.ඔවුන්ට දැන් ආපසු හැරෙන්න බැ.මේ යුද්ධයට මුණදෙන්නම වෙනවා.ඔවුන් සියලු දෙනාට කුමක් වෙයිද? යුද්ධය ජයග්‍රහනය කරයිද නැත්නම් ජිවිතයෙන් වන්දිගෙවයිද?මේ සේරම දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්න.බලන්න වටින හොඳ කතාවක්.



2

Battleship [2012] සිංහල උපසිරැසි සමගින්


මේ චිත්‍රපටියත් මම උදාරත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක්ම තමයි.වැඩි විස්තරයක් නැතුව කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් 
ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා පිටසක්වල ජීවින් සිටිනවානම් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා. මේ අතර ඇමරිකානු සහ ජාත්‍යන්තර යුද නාවික එකතුව නාවික අභ්‍යාසයක් පවත්වනවා පැසිපික් සයුර ආශ්‍රිතව. හදිසියේ මෙම නාවික කණ්ඩායම ප්‍රහාරයට ලක්වෙනවා. නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි පිටසක්වල යානා ප්‍රහාරයක්.මෙම ප්‍රහාරයෙන් ලෝකය ගලවා ගැනිමට ඉදිරිපත් වෙන්නේ නාවිකයන් පිරිසක්.මොවුන්ට පිටසක්වල ජිවින්ව පරාජය කිරිමට හැකිවෙයිද චිත්‍රපටිය අරගෙනම බලන්න.





2

The Hunger Games [2012] සිංහල උපසිරැසි සමගින්



කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔන්න ඊයේ නිකුත් උනා.මේ දවස් ටිකේ නම චිත්‍රපටි එනවා පෙරේදා Battleship [2012] චිත්‍රපටිය ආවා අද ඔන්න The Hunger Games චිත්‍රපටිය ඇවිල්ලා.චිත්‍රපටය නිකුත් උන ගමන්ම කලින් වගේම උදාරයි මම එකතු වෙලා සබ් එක කරන්න ගත්තා.ඇත්තටම මේකේ වැඩිම කොටසක් දැම්මේ එයා..හරි වැඩි විස්තරයක් ඕන නෑ මෙන්න ෆිල්ම් එකේ කතාව

 අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් පලාතකින්ම තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයෙකු පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා.

 මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කැට්නිස්, තම ජීවිතකාලය පුරාම මේ තරඟය සඳහාම සූදානම් වූ තැනැත්තියක්.මෙම කතාව පුරාවටම දිවයන්නේ ඇය සියළුම බාධා හමුවේ, මනුෂ්‍යත්වය, ජීවිතය ආදරය යන සියල්ල සමඟින් මෙම තරඟයට මූණපාන අන්දමයි. ඇයට මොන ආකාරයේ බාධාවන්ට මූණදීමට සිදුවේද,තරඟය අතරතුර ඇයට කවර පුද්ගලයන්,ජීවීන් හා ගැටීමට සිදුවේද, අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද,ඇයගේ ජීවිතයම මින් වෙනස් මඟකට පෙරලේද,මේ සියල්ලටම පිළිතුරු කතාව නැරඹීමෙන් අවසානයේදී ඔබට දිස්වේවි.සාමාන්‍ය සටන් ජවනිකාවලට වඩා වෙනස්ම විද්‍යාත්මක හා තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.9ක් ලද චිත්‍රපටයක් මෙන්ම, ලංකාවේ සිනමාහල්වලදී පවා අතිශය ජනප්‍රියතාවයක් අත්කර ගත්තකි.





0

Headhunters (2011) සිංහල උපසිරැසි සහිතව.



ZOOM.LK වෙනුවෙන් සුරංග වන්නිආරච්චි කල ඉල්ලිමකට එයත් එක්ක එකතු වෙලා කරපු උපසිරැසි ගැන්විමක් තමයි මේ.මම දිගටම දුන්නේ ඉංග්‍රිසි,හින්දි,දෙමළ චිත්‍රපටනේ.මට හිතුනා වෙනත් භාෂාවක හොද චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න හිතුනේ ඒකයි.

ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.



5

Jannat 2 (2012) with Sinhala Subtitles



ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.


සිංහල උපසිරැසි නිර්මාණය - දර්ශන නිශාන්ත පිරිස්.





0

Agneepath Sinhala Subtitles (අග්නිපාත් සිංහල උපසිරැසි සමගින්)



මේක 1990 දි නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ නැවත නිර්මාණය කිරිමක්.1990 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපැවේ අම්තාබ් බච්චන් විසින්.අද 2012 නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ
 එම චරිතය අගපාන්නේ රිතික් රෝෂන් විසිනි.කතාව කෙටියෙන් මේසේය ඉන්දියාවේ පොඩ් ගම්මානයක් තියනවා මාන්ද්වාකියලා මේ ගමේ ගුරුවරයෙක් ඉන්නවා.මේ ගුරුවරයා ගමේ ජනතාව යහමගට අරන් කීර්තියක් දිනා සිටින කෙනෙක්.මේ ගමට කාන්චා නැමති පුද්ගලයෙක් පැමිනේනවා.මොහු ගමේ ගම්මුලාදැනියාගේ පුතා.මොහු ඇවිත් ගමේ මත්ද්‍රව්‍ය ජවාරමක් පටන් ගැනිමට යනවා.මේකට අර ගුරුවරයා බධාපමුණුවනවා.අවසානයේ කාන්චා නැමති පුද්ගලයා මේ ගුරුවරයා නොකරපු වරදකට හසු කරලා ගම් වැසියන් ඉස්සරහාම මරා දමනවා.මේ ගුරුවරයාගේ පුතා මේ සිදුවිම් සේරම විදදරාගෙන අවසානයේ අවුරුදු 15කට පසු තම පලිය ගැනිමට සැරසෙනවා.මේම චිත්‍රපටයේ කාන්චා ගේ (දූෂ්ටයාගේ) චරිතයට පන පොවන්නේ සංජේ දත් විසින්.මම හිතන්නේ ඔහු සැහෙන්න දුරට ඒ චරිතෙට සධාරණයක් ඉටු කරනවා.මිට අමතරවමේම චිත්‍රපටයේ රිතික් රොෂන්,ප්‍රියංකා චොප්රා,ඔම් පුරි,රිෂි කපුර් වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලත් බලලා හොද නරක කියලා යන්න උපසිරැසි එක ගැන.

1

Johnny English Reborn Sinhala Subtitles


කාලයත් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ජොනී ඉංග්ලිෂ් නැවතත් සේවයට වාර්තා කිරීමෙන් තමයි කතාව පටන් ගන්නෙ.මෙදා පාර ජොනීට පැවරෙන්නෙ චීන අගමැතිට එරෙහිව තියෙන කුමන්ත්‍රණය වළක්වන එක.කලින් වතාවක් වැඩ වරද්දගත්ත ජොනීට මේ පාරවත් ඒක හරියට කරන්න පුළුවන් වෙයිද? නැත්තම් චීන අගමැති අනතුරේද? මේ සේරම දැනගන්න වෙන්නෙ කතාව බැලුවොත් තමයි.හැමදාම විහිළුවෙන් වැඩකරන ජොනීගෙ වැඩ බලන්න මේ පාර වෙනම නියෝජිතයෙක් පවා පත්කරලා තියෙනවා. ඒ ගැන විස්තර දැනගන්නත් කතාව අරගෙනම බලන්න.මේක දෙන්න ටිකක් කල්ගතවීම ගැන නම් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටින්න කැමතියි. තරමක් අසනීප තත්වයෙන් හිටපු නිසාත්,පෞද්ගලික රාජකාරි බහුලව තිබුණු නිසාත් තමයි කල් ගතවුනේ.කොහොම නමුත්, මහන්සියට අගයක් වෙන්න ප්‍රතිචාරයක් දක්වලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.



2

RA One සිංහල උපසිරැසි සමග







හරි ඔන්න කොහොමින් කොහොම හරි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරගෙන ආවා.ෆිල්ම් එක මුලින්ම උපසිරැසි දාන්න පාරගෙන හිටියේ පනිශර් උනත් අන්තිමට මගෙන් ඉල්ලිමක් කරපු නිසා මම උපසිරැසි ගන්වන්න තිරණය කලා.ඔහුගෙත් උදව් ඇතිව.රා වන් චිත්‍රපටය ලොව පුරා තිරගත විම ආරම්භ උනේ ඔක්තොම්බර් 26වනදායි.ඇත්තටම චිත්‍රපටය වෙනුවෙන් විශාල වියදමක් කල ඇති බව බැලු බැල්මට ඔබටත් බලාගන්න පුලුවන්.
 චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවා නම් ශේකර් පරිගනක ක්‍රිඩා හදන සමාගමක වැඩ කරන කෙනෙක්.මෙහුගේ පුතාගේ ඉල්ලිමට මොහු පරිගණක ක්‍රිඩාවක් නිර්මාණය කරනවා.ඒ පරිගණක ක්‍රිඩාවේ විරයාට වඩා දුෂ්ටයා බලවත් විදියට තමයි නිර්මාණය කරන්නේ.නමුත් අන්තිමට කවුරුත් නොසිතු දෙයක් සිදුවෙනවා එහෙනම් ත්‍රිමාණ පරිගණක ලොවේ සිටි දුෂ්ටයා සැබැ ලොවට පැමිනෙනවා.එයින් පසුව සිදු වන්නේ කවුරුත් අපේක්ෂා නොකල දේවල්.කතාව පැටලැලි වගේ නම් චිත්‍රපටය අරගෙනම බලන්න.ඒ වගේම පොඩ් දෙයක් කියන්න ඕන අද ඉදලා උපසිරැසි වෙනස් විදියකට දෙන්නේ.ඒ ගැන සදහනක් උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නා ෆොල්ඩර් එකේ තියනවා.ගැටලුවක් තිබුනොත් චිත්‍රපටය වෙනුවෙන් දාලා තියන ත්‍රේඩ් එකේ කියන්න යන්න.එහෙනම් මේ මගේ 17 වන උපසිරැසි නිර්මාණය රස විදින්න කියලා ඉල්ලන ගමන් අදහසක් දාලා යන්නත් අමතක කරනන් එපා.




2

Force සිංහල උපසිරැසි සහිතව



ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔබට ආසවෙන් නැරඹිය හැකි ජොන්එබ්‍රහම් රග ෆොර්ස් චිත්‍රපටය එන්න සිංහල උපසිරැසි එක්කම අරන් ඇවිල්ලා තියනවා.මේක දමිළ චිත්‍රපටයක් අනුසාරයෙන් නිපදවුවක් අතර එම චිත්‍රපටයටද හානි නොවන ලෙස මෙය නිපදවා තිබනවා කිව්වොත් නිවැරිදියි.මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ සිටින සේවකයින් 4දෙනෙකු වටා මෙම කතාව දිව යන අතර ඔවුන්ට මූණ පැමට වෙන කරදර භාදක හා එම ජිවිතය කොයි තරම් අවධානම් සහාගතද යන්න මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වයි.එහෙනම් සිංහල උපසිරැසි තියන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ.චිත්‍රපටය ඩවුන්ලොඩ් කරගෙනම බලලා හොද නරක පිළිබදව අදහසක් පළකරලා යන්න.


0

Murder 2 සිංහල උපසිරැසි සමගින්

ඔන්න වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනටම සිංහල උපසිරැසි දාලා චිත්‍රපටයක් අරන් ආවා.මර්ඩර් 2.චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන "ඉම්රාන් හෂ්ම්" (අර්ජුන්)කියන්නේ, පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්.හැබැයි මොහු පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන්. ඒ අතර ‍එක් දිනක් පතාල ව්‍යාපාරිකයෙක් මොහු හමුවිමට එනවා. ඒ ඔහු ලග වැඩ කරන ගෑණූ ළමයින් හදිසියේ අතුරුදහන් විම හේතුවෙන්. මේ ගැහැණු ළමුන් අතුරුදහන් විමේ සුලුමුල සොයා ගැනිමට මොහුට හැකිවෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අනිවාර්යෙන් බලන්නම සිදුවෙනවා. මෙහි ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා. තව දෙයක් කියන්න ඕන.චිත්‍රපටය ගැන නොයෙක් අකාරයේ කතා අහලා තියෙන නිසා සමහර වෙලාවට ඩවුන්ලොඩ් කරන්න දෙපාරක් හිතන්න පුළුවන්.ඒත් එක් දර්ශනයක් හැරුණු කොට මෙහි වෙන කිසිදු සරාගි දර්ශනයක් ඇතුලත් වෙන්නේ නෑ.මේ චිත්‍රපටය ගැන තිබෙන ඇතැම් කටකතා අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න.මේ චිත්‍රපටය හොඳනැති එකක් නම් කීයටවත් මම උපසිරැසි දාන්න හිතන්නේ නෑ.එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න අමතක කරන්න එපා.මේ උපසිරැසි ෆයිල් එකක් කරන්න වෙන මහන්සිය දන්නේ කරන අපි විතරයි.ඒ නිසා කතෘ අයිතිය මකලා දාලා මේ උපසිරැසි දාපු ගමන් වෙන සයිට් වල ගිහින් දාන්න කලින් ඒක මගෙන් හරි පොඩ්ඩක් අහන්න කරුණික වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


2

Singham සිංහල උපසිරැසි සමගින්


ක්‍රියාදාම හින්දි චිත්‍රපටවලට ඔබ ප්‍රිය කරන්නෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සිංගම් 
 කියන්නේ..මේක දෙමළ චිත්‍රපටයක නැවත නිශ්පාදනයක් වුවත් මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයට වඩා ක්‍රියාදාම හා විශේෂ ප්‍රයෝග අතින් ඉදිරියෙන් සිටිනවා.අනික චිත්‍රපටවල අවසානයද වෙනස් ස්වරුපයක් ගන්නවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Golmaal වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු රොහිත් ෂෙට්ටි විසිනි..චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනු ලබන්නේ අජයදේව්ගන් විසිනි.. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා



0

Battle: Los Angeles (2011) සිංහල උපසිරැසි සමඟ


කාලයක් දෙන්නම් කියලා හිතාගෙන ඉදපු එත් දෙන්න ටිකක්ප්‍රමාද උන චිත්‍රපටයක් ඔන්න අද අරන් අවා...
නම අහපු ගමන්ම හුගක් අය දන්නවත් ඇති.ලොස් ඇන්ජලිස් නගරෙට පිටසක්වල අය විසින් ප්‍රහාරයක් එල්ල කරනවා එම ප්‍රහාර වලින් ගැලවි ලොස් ඇන්ජලිස් නගරය බේරා ගැනිමට මෙම ‍හමුදා සෙබලුන්ට හැකි වෙයිද?ඒ බව දැනගන්න නම් ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා..මෙම චිත්‍රපටය සදහා imdb හි 5.9 ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා...චිත්‍රපටය දෙන්න ප්‍රමාද වුන හේතුවක් තියනවා එක තමයි මෙම චිත්‍රපටයේ නිකුත් උන R5 වරගයේ කොපි එකට කිසිදු සබ් ෆයිල් එකක නොගැලපිමයි...ඒ නිසා මම ඩිවිඩි රිප් එකට සබ් දෙන්න තිරණය කලා..එකයි ටිකක් මේ වැඩේට කල් ගත උනේ.කොහොම උනත් චිත්‍රපටය නරඹලා වෙනදා වගේම අදහස් දක්වලා යයි කියලා මම හිතනවා...

The Mechanic 2011(18+) සිංහල උපසිරැසි


මිකැනික් කියන්නේ මම කාලෙකින් බලපු වෙනස්ම දරුණු කතාවක්.
මේකේ ආතර් කියන කෙනා කොයි තරම් දරුණු සුක්ෂම මොලයක් තියෙන කෙනෙක්ද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි
ඇත්තටම මේකට උපසිරැසි දාන්න පටන් ගත්තම ඇයි මේ තරම් මිනිස්සු මරාගන්නේ කියල මට හිතුනු අවස්ථා අනන්තයි.
ඒ කොහොම වුනත් මේකට IMDB එකේ ratings 6.5.ක් වුනාට ඊට වැඩ ලැබිය යුතුයි කියන එකයි මගේ හැඟීම.
ඔබ Jason Stathamගේ රසිකයෙක් නම් මෙම චිත්‍රපටය අනිවාර්යෙන් නැරබිය යුතුයිඉතා කෙටි කාලයක් තුලදී
චිත්‍රපටියේ හොඳ පිටපතක් ලබාගැනීමට හැකිවීම පිළිබඳවත්,දින දෙකක් වැනි ඉතා කුඩා කාලයක් තුල මෙහි උපසිරසි ගැන්වීම
අවසන් කිරීමට හැකියාව ලැබීම පිළිබඳවත් මම අතිශයින්ම සතුටට පත්වෙමි.
ඔයාලත් බලන්නකෝ කොහොමද කියල. 





0

Death Race 2 සිංහල උපසිරැසි


ක්‍රියාදාම ඉංග්‍රිසි චිත්‍රපට වලට ඔයා කැමති නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය ඔයා බලන්න ඔනමයි.Death race චිත්‍රපට මාලාවේ පලමු චිත්‍රපටය 2008 වසරේ නිකුත් වුනා.එම චිත්‍රපටයට නම් ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා.මේ චිත්‍රපටයත් ඒතරම් සාර්ථක ඒකක් ද යන්න තිරණය කිරිමට නම් ඔබ මේය නරබන්නම ඕනේ.Death race 1 චිත්‍රපටය නරබලා නැති උනත් Death race 2 චිත්‍රපටය නැරඹුවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ.පුලුවන් නම් මේ දෙවන චිත්‍රපටය නරඹලා පලමු චිත්‍රපටය බලන්න එතකොට මම එහෙම කිව්වේ ඇයි කියන එකට පිලිතුරු ලැබෙවි.

මේ මගේ සිංහල උපසිරැසි ගන්වන පලමු චිත්‍රපටයයි.ඒ නිසා චිත්‍රපටය බලලා උපසිරැසි පිලිබද අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.මේ චිත්‍රපටය Unrated ඒකක් නිසා උපසිරැසි ගැන්විමේදි යම් යම් අපහසුතා වලට නම් පත්වුනා. ඒත් කොහෝම උනත් හැමොටම තේරෙන විදියට මම උපසිරැසි ගන්වන්න කටයුතු කලා. උපසිරැසි ගැන්විමේ සහය වුන දර්ශන ටත් zoom.lk වෙබ් අඩවියටත් මගේ ස්තූතිය!