Showing posts with label දමිළ. Show all posts
Showing posts with label දමිළ. Show all posts
4

3 [2012] Tamil Movie with sinhala subtitle


මේ මගේ දෙවන දමිළ චිත්‍රපටි උපසිරැසි ගැන්විම.පලවෙනි එක ඔයාලට මතක ඇතිනේ Engeyum Kadhal චිත්‍රපටිය තමයි මම මුල්ම චිත්‍රපටියට දුන්නේ.එතැන් පටන් ගොඩක් දෙමළ චිත්‍රපටි කරන්න හිතුවත් එකට අවස්ථාව නැති උනේ දැන් එන ගොඩක් දමිළ චිත්‍රපටිවල උපසිරැසි චිත්‍රපටියේ හාඩ්කොඩ් ක්‍රමයට දාලා එවන්නේ.අද දෙන මේ 3 චිත්‍රපටියෙත් උපසිරැසි සහිත කොපියක් නිකුත් උනේ ඊයේ රෑ.ඉතින් දවසක් යන්නත් කලියෙන් කොහොම හරි උපසිරැසි දාලා ඔයාලට දෙන්න හිතුවා.එක ඒ විදියටම මට කරන්න පුලුවන් උනා.

චිත්‍රපටිය ටිකක් වෙනස් තේමාවක් ඇතුව නිර්මාණය වුන එකක්.අවසානය දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගැනිමට මේක සමත් වේවි.දෙමළ චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න නම් හිතන්න එපා අනිවාර්යෙන් අරන් බලන්න.අනික මේ චිත්‍රපටියේ කොලවරි සිංදුවනම් ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති.ඒ ගිතයටත් උපසිරැසි දැම්මා.දෙමළ ගිත වලට උපසිරැසි දාලා එම ගිත වලට හරි අකාරයේ සාදාරණයක් ඉටුකලාද කියලා ඔබටම බලන්න පුලුවන්.
ඒ ගැනත් අනිවාර්යෙන් අදහසක් කියලා යන්න.චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු රාම් හා ජනනි කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්.මේ දෙන්නා ආදරේ කරන්න හමුවෙන්නේ වගේම ආදරය කරන්න පටන් පටන්ගන්නෙම හරි පුදුම විදියට.කතාව හැබැයි මුලින්ම පටන්ගන්නේ රාම්ගේ මිය යාමත් එක්ක.ඔයාලටත් හිතෙන්න පුලුවන් කලින් අර විදියට ආදරයෙන් හිටිය දෙන්නට ඇයි මේ විදියේ දෙයක් උනේ කියලා.ඇත්තටම රාම් මිය ගියේ කොහොමද?ඒ ගැන තමයි මුළු චිත්‍රපටිය පුරාවටම දිවයන්නේ.රාම්ව කවුරු හරි මරලා දැම්මද? නැත්නම්...කතාව අවසානය හිතාගන්න වත් බැරි එකක් වේවි..එහෙනම් ඔන්න මම ගොඩක් කාලේකට කලින්ම පොරොන්දු උන පොරොන්දුවක් ඉටු කලා.මේ වගේ දෙමළ චිත්‍රපටිවල ඉංග්‍රිසි උපසිරැසි සහිත කොපි තව ඉදිරියටත් නිකුත් උනොත් එවත් උපසිරැසි එක්කම අරන් එන්න පොරොන්දුවෙනවා. එහෙනම් ගිහින් එන්නම්.


0

Engeyum Kadhal (ආදරය සැමතැන) සිංහල උපසිරැසි සමග



කාලේකට පස්සේ වෙනස්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි දැම්මා.මේච්චර දවස් ඉංග්‍රිසි චිත්‍රපටවලට උපසිරැසි දාපු නිසා වෙනසකටත් එක්ක දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.දමිළ චිත්‍රපට වලට ඒ තරම් ඇලුම් නොකලත් මේ චිත්‍රපය නැරඹුවම මට මේකට සිංහල උපසිරැසි දාන්න ඕන මයි කියලා හිතුනා.හැමදාම පිරිමි ලමයිනේ ආදරය ඉල්ලගෙන ගැණුළමයි පස්සෙන් යන්නේ.මේ කතාව ඊට වඩා වෙනස්.ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ.කතාව වැඩිය විස්තර කරන්න නම් යන්නේ නෑ.පැය 2ක් පුරාවට හාස්‍ය රසය සමග ලස්සන ආදරෙන් පිරුණු කතාවක් ඔයාලට මේ චිත්‍රපටය නැඹුවොත් දැක ගන්න පුලුවන් වේවි.ඒ එක්කම මේ චිත්‍රපටයේ හොද කොපියක් හොයා ගන්න උදව් කරපු හැමොටම වගේම මේකේ සබ් ගොනුව(අංකන දත්ත පිටපත) නැවත සකස් කිරිමට උදව් කරපු දර්ශන ටත් ස්තුතිය පුද කරනවා .මොකද ඉංග්‍රිසි එකේ පිටපත සිංහල සබ් දැම්මනම් චිත්‍රපටය තේරුම් ගැනිමට ටිකක් අපහසු වෙන නිසයි ඒ වෙනස කලේ..එහෙනම් චිත්‍රපටය නරඹලා අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.