2

Force සිංහල උපසිරැසි සහිතව



ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔබට ආසවෙන් නැරඹිය හැකි ජොන්එබ්‍රහම් රග ෆොර්ස් චිත්‍රපටය එන්න සිංහල උපසිරැසි එක්කම අරන් ඇවිල්ලා තියනවා.මේක දමිළ චිත්‍රපටයක් අනුසාරයෙන් නිපදවුවක් අතර එම චිත්‍රපටයටද හානි නොවන ලෙස මෙය නිපදවා තිබනවා කිව්වොත් නිවැරිදියි.මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ සිටින සේවකයින් 4දෙනෙකු වටා මෙම කතාව දිව යන අතර ඔවුන්ට මූණ පැමට වෙන කරදර භාදක හා එම ජිවිතය කොයි තරම් අවධානම් සහාගතද යන්න මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වයි.එහෙනම් සිංහල උපසිරැසි තියන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ.චිත්‍රපටය ඩවුන්ලොඩ් කරගෙනම බලලා හොද නරක පිළිබදව අදහසක් පළකරලා යන්න.


Pyaar Ka Punchnama සිංහල උපසිරැසි සහිතව


මේ දවස් වල ක‍ට්ටිය ත්‍රේඩ් දාගෙන පවා ආදරයේ විරහව එහෙම ගැන කතා කරපු නිසා.කට්ටියට ගැලපෙන ෆිල්ම් එකක් ඕන්න අරගෙන ආවා.මේකේ පෙර දර්ශණ(trailer) බැලුවොත් ඔයාලට තේරෙයි මේ ෆිල්ම් එක බලනවද නැත්ද කියලා.කතාව කෙටියෙන් කියනවා නම් යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා.එයාලා බොහොම සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන්නේ.නමුත් කාලයක් යනකොට මේ යාලුවෝ තුන්දෙනාට
 පෙම්වතියන් තිදෙනෙක් හම්බවෙනවා.එතනින් එහාට එයාලගේ ජිවිතය උඩුයටිකුරු වෙනවා.ඔයා ආදරය කරලා තියනවා නම් ආදරය කරනවා නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය බැලුවට වැරැද්දක් වෙන එකක් නෑ..මේය IMDB 7.9 ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියනවා.එතකොටම තේරෙනවනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා.මේ හින්දි චිත්‍රපටයට නම් සබ් දාන එක ටිකක් අමාරුවැඩක් උනත් කොහොම හරි එක කලා..ඒ සදහා මෙහි අංකන දත්ත පිටපතේ 60%ක් පමණ අපි වෙනස් කලා.ඔන්න එහෙනම් චිත්‍රපටය නරඹලා හොද නරක කියලා යන්න අමතක කරන්න එපා.


0

Murder 2 සිංහල උපසිරැසි සමගින්

ඔන්න වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනටම සිංහල උපසිරැසි දාලා චිත්‍රපටයක් අරන් ආවා.මර්ඩර් 2.චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන "ඉම්රාන් හෂ්ම්" (අර්ජුන්)කියන්නේ, පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්.හැබැයි මොහු පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන්. ඒ අතර ‍එක් දිනක් පතාල ව්‍යාපාරිකයෙක් මොහු හමුවිමට එනවා. ඒ ඔහු ලග වැඩ කරන ගෑණූ ළමයින් හදිසියේ අතුරුදහන් විම හේතුවෙන්. මේ ගැහැණු ළමුන් අතුරුදහන් විමේ සුලුමුල සොයා ගැනිමට මොහුට හැකිවෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අනිවාර්යෙන් බලන්නම සිදුවෙනවා. මෙහි ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා. තව දෙයක් කියන්න ඕන.චිත්‍රපටය ගැන නොයෙක් අකාරයේ කතා අහලා තියෙන නිසා සමහර වෙලාවට ඩවුන්ලොඩ් කරන්න දෙපාරක් හිතන්න පුළුවන්.ඒත් එක් දර්ශනයක් හැරුණු කොට මෙහි වෙන කිසිදු සරාගි දර්ශනයක් ඇතුලත් වෙන්නේ නෑ.මේ චිත්‍රපටය ගැන තිබෙන ඇතැම් කටකතා අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න.මේ චිත්‍රපටය හොඳනැති එකක් නම් කීයටවත් මම උපසිරැසි දාන්න හිතන්නේ නෑ.එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න අමතක කරන්න එපා.මේ උපසිරැසි ෆයිල් එකක් කරන්න වෙන මහන්සිය දන්නේ කරන අපි විතරයි.ඒ නිසා කතෘ අයිතිය මකලා දාලා මේ උපසිරැසි දාපු ගමන් වෙන සයිට් වල ගිහින් දාන්න කලින් ඒක මගෙන් හරි පොඩ්ඩක් අහන්න කරුණික වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


0

Hop 2011 සිංහල උපසිරැසි සමගින්

අපි කොච්චර ලොකු වුනත් කවුරුහරි රෑට ඇවිත් අපේ ගේ දොරකඩ අපි කන්න ආසම දේවල් පුංචි තෑගි හැටියට තියලා යනවනම් කොච්චර ආසද? අනික ඒක කරන්නෙත් ඇඳුම් ඇඳගත්ත පුංචි හාවෙක්නම් කොච්චර සතුටක් දැනෙනවද හිතට? ඇත්තටම ඒ අත්දැකීම අපිට විඳින්න නැතත් මේ කතාවෙන් අපිට එහෙම දෙයක් ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි, ඊස්‍ටර් බනී කෙනෙක් එක්ක (ඇඳුම් ඇඳපු පුංචි කතාකරන හාවෙක්)දවසක් හරි ගතකරන්න වුනාම මූණපාන්න වෙන සිද්ධි ගැනත් බලාගන්න පුළුවන් මේ කතාව බැලුවම. සේරම කතාව මට කියවෙන්න යන්නෙ. අරගෙන බලන්නම වටින ලස්සනම කතාවක් මේක. හිනාවෙන්න ආසකරන ඕනම කෙනෙක් මේක බලන්නම වටිනවා. මේ අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිදා නිකුත් වුණ මේ ෆිල්ම් එක දැනට IMDBහි ප්‍රතිචාර 5.2ක්ම ලබාගෙන තියෙනවා. ඔයාල ආසවෙයි.සිංහලෙන්ම තියෙන නිසා අරගෙන බලන්න.දන්නවනෙ ඉතින්, අළුත්ම හොඳම කතා මුලින්ම දෙන්නෙ Zoom.lk පමණයි කියලා.


2

Singham සිංහල උපසිරැසි සමගින්


ක්‍රියාදාම හින්දි චිත්‍රපටවලට ඔබ ප්‍රිය කරන්නෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සිංගම් 
 කියන්නේ..මේක දෙමළ චිත්‍රපටයක නැවත නිශ්පාදනයක් වුවත් මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයට වඩා ක්‍රියාදාම හා විශේෂ ප්‍රයෝග අතින් ඉදිරියෙන් සිටිනවා.අනික චිත්‍රපටවල අවසානයද වෙනස් ස්වරුපයක් ගන්නවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Golmaal වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු රොහිත් ෂෙට්ටි විසිනි..චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනු ලබන්නේ අජයදේව්ගන් විසිනි.. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා



0

Engeyum Kadhal (ආදරය සැමතැන) සිංහල උපසිරැසි සමග



කාලේකට පස්සේ වෙනස්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි දැම්මා.මේච්චර දවස් ඉංග්‍රිසි චිත්‍රපටවලට උපසිරැසි දාපු නිසා වෙනසකටත් එක්ක දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.දමිළ චිත්‍රපට වලට ඒ තරම් ඇලුම් නොකලත් මේ චිත්‍රපය නැරඹුවම මට මේකට සිංහල උපසිරැසි දාන්න ඕන මයි කියලා හිතුනා.හැමදාම පිරිමි ලමයිනේ ආදරය ඉල්ලගෙන ගැණුළමයි පස්සෙන් යන්නේ.මේ කතාව ඊට වඩා වෙනස්.ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ.කතාව වැඩිය විස්තර කරන්න නම් යන්නේ නෑ.පැය 2ක් පුරාවට හාස්‍ය රසය සමග ලස්සන ආදරෙන් පිරුණු කතාවක් ඔයාලට මේ චිත්‍රපටය නැඹුවොත් දැක ගන්න පුලුවන් වේවි.ඒ එක්කම මේ චිත්‍රපටයේ හොද කොපියක් හොයා ගන්න උදව් කරපු හැමොටම වගේම මේකේ සබ් ගොනුව(අංකන දත්ත පිටපත) නැවත සකස් කිරිමට උදව් කරපු දර්ශන ටත් ස්තුතිය පුද කරනවා .මොකද ඉංග්‍රිසි එකේ පිටපත සිංහල සබ් දැම්මනම් චිත්‍රපටය තේරුම් ගැනිමට ටිකක් අපහසු වෙන නිසයි ඒ වෙනස කලේ..එහෙනම් චිත්‍රපටය නරඹලා අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.



0

Unknown (2011) සිංහල උපසිරැසි සමගින්



එක්තරා මිනිසෙක් කොමා තත්වයකින් පස්සේ අවදි විමත් සමගම ඔහුගේ අනන්‍යතාවය වෙනත් අයෙක් ලබා ගෙන ඇති බවත් ඔහුව කිසිවෙකුට (ඔහුගේ බිරිදට පවා) හදුනාගැනිමට අපහසු වේ.
නමුත් අහම්බෙන් ඔහුට මුන ගැසෙන කාන්තාවක් තමා කවුරුන්දැයි හදුනා ගැනිමට උදව් කරයි.IMDB වර්ගිකරනය යටතේ 7.0 ලබා ඇති අතර කුතුලහය දනවන විනාඩි 113 පුරා දිව යන මෙම චිත්‍රපටය එදිනෙදා නරඔන චිත්‍රපට වලට වඩා වෙනස් අකාරයක් ගනි.



0

Source Code සිංහල උපසිරැසි සමඟ


ඔන්න එහෙනම් කාලෙකින් දෙන්නම් කියපු ෆිල්ම් එකක සබ් එක ගෙනවා දෙන්න...ෆිල්ම් එකේ නම කිව්වම දැන්නම් විස්තරයක් කියන්න ඔනෙත් නැති වෙයි...ඇත්තටම ඔයාලා බලන්න වටින ෆිල්ම් එකක් තමයි මේ source code කියන්නේ...වෙනස්ම විදියේ කතාවක්.එහෙනම් ඔන්න ඔයාලත් ෆිල්ම් එක අරගෙනම බලන්න කොහොමද කියලා..ඒ වගේම බලලා පුලුවන් නම් කමෙන්ට් එකක් දලා යන්නත් අමතක කරන්න එපා...මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB 7.7 අගයක් ලැබි තිබෙනවා.ඒ එක්කම කියන්න ඕන මේ මගේ නව වෙනි චිත්‍රපට උපසිරැසි ගැන්විම...

0

Battle: Los Angeles (2011) සිංහල උපසිරැසි සමඟ


කාලයක් දෙන්නම් කියලා හිතාගෙන ඉදපු එත් දෙන්න ටිකක්ප්‍රමාද උන චිත්‍රපටයක් ඔන්න අද අරන් අවා...
නම අහපු ගමන්ම හුගක් අය දන්නවත් ඇති.ලොස් ඇන්ජලිස් නගරෙට පිටසක්වල අය විසින් ප්‍රහාරයක් එල්ල කරනවා එම ප්‍රහාර වලින් ගැලවි ලොස් ඇන්ජලිස් නගරය බේරා ගැනිමට මෙම ‍හමුදා සෙබලුන්ට හැකි වෙයිද?ඒ බව දැනගන්න නම් ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා..මෙම චිත්‍රපටය සදහා imdb හි 5.9 ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා...චිත්‍රපටය දෙන්න ප්‍රමාද වුන හේතුවක් තියනවා එක තමයි මෙම චිත්‍රපටයේ නිකුත් උන R5 වරගයේ කොපි එකට කිසිදු සබ් ෆයිල් එකක නොගැලපිමයි...ඒ නිසා මම ඩිවිඩි රිප් එකට සබ් දෙන්න තිරණය කලා..එකයි ටිකක් මේ වැඩේට කල් ගත උනේ.කොහොම උනත් චිත්‍රපටය නරඹලා වෙනදා වගේම අදහස් දක්වලා යයි කියලා මම හිතනවා...

0

The Grudge සිංහල උපසිරැසි සමඟ

අපි හැමෝම දන්නවා වගේ ලෝකේ හොඳම හොල්මන් චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ ආසියාවේ.මේකත් එයින් එකක්.2004 වර්ෂයේ හදල තියෙන මේ චිත්‍රපටිය IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.7ක් වුනත් මේක බලන්න වටිනා හොඳම හොල්මන් චිත්‍රපටියක්.අපි කවුරුත් හොදින් දන්නා Sarah Michelle Gellar (ස්කුබි ඩූ-Dafni) මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපානවා. කෙනෙක් වෛරයෙන් හෝ දැඩි ශෝකයෙන් මියගියොත් ඒ ස්ථානය සදාකාලික බිලිගත් තැනක් බවට පත් වෙනවා.ඒ ශාපය සදාකල් එතනට පැමිණෙන ඕනෑම අයෙක් බිලිගන්නවා..මේකේ ඊළඟ කොටසත් ඉක්මනින්ම සිංහල උපසිරසි එක්ක දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මෙම විත්‍රපටය දෙන්න ටික දවසක් පරක්කු උනේ මේකේ ඇතැම් තැන් වල ජපන් වචන භාවිතා කරන නිසා එවා චිත්‍රපටයේම ඉංග්‍රිසි උපසිරැසි යොදා තිබිම හෙතුවෙන් ඉංග්‍රිසි උපසිරැසි ගොනුවල එවා සදහන් වෙන්නේ නෑ...ඒ නිසා මම උපසිරැසි ෆයිල් එක පොඩි වෙනස්කම් වගයක් කරලා වැටෙන හැම ඉංග්‍රිසි වචනයකටම එහි සිංහල උපසිරැසි පෙනෙන්නට සැකසුවා.උපසිරැසි ෆයිල් එකත් පොඩි වෙනස්කමක් කරන්න උන නිසයි ටික දවසක් මේ උපසිරැසි දෙන්න පමා උනේ..ඉංග්‍රිසි නොතේරන කෙනෙක්ට මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමග බලලා මේකේ කතාව තේරෙනවා නම් මම හිතන්නේ එතකොටයි අපේ උපසිරැසි ගැන්විම සාර්ථක වන්නේ. ඒ නිසා ඔන්න සරලවම හැම වචනෙකම තේරුමත් එක්ක ඔන්න උපසිරැසි ගන්වලා තියනවා..වෙනදා වගේම යද්දි කමෙන්ටුවක් දාගෙන යන්න ඒ වගේම මම උපසිරැසි ගන්වපු Deathrace 2 චිත්‍රපටයේ උපසිරැසි කතෲ අයිතියවත් ඉතුරු කරන්නේ නැතුව වෙන වෙබ් අඩවියක පල කරලා තිබුනා..එහෙම අනවසරයෙන් වෙනත් වෙබ් අඩවි වල දානවා නම් කරුණාකර කතෲ අයිතිවත් තියන්න කාරුණික වන්න.මොකද චිත්‍රපටයක උපසිරැසි වල නම් ගම් මකලා විකෘති කරලා වෙන සයිට් එකකට දානවට වඩා උපසිරැසි ගන්වන්න අපි හුගක් මහන්සි වෙන නිසා.

0

Sanctum සිංහල උපසිරැසි සමඟ


මේක හරිම වෙනස් කතාවක්..මේක අනිත් එක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුවක්.ගුහාවක් ගැන ගවේෂණය කරන තාත්තා කෙනෙකුයි,පුතෙකුයි වටා ගෙතුන කතාවක් කිව්වොත් හොඳයි කියල මම විශ්වාස කරනවා. අපිට සමහරවිට කවදාවත් තාත්තා කෙනෙක්ව තේරුම් ගන්න බැරි වුනත් මේකේ ඉන්න ජෝෂ් කියන පුතාටනම් මේ ගුහාව ඇතුලෙදි තමන්ගේ තාත්තාව මුණගැහෙනවා.හැබැයි ජොෂ් තමන්ගේතාත්තව තේරුම් ගන්න කොට එයා හුගක් ප්‍රමාද වෙලා වැඩියි.ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් මේ කතාව හදන්න දායක වෙලා තියෙනවා.ඒ තමයි ජේම්ස් කැමරන්.ඇවටාර්,ටයිටැනික් වගේ කතා ඔයාලට මතක ඇතිනේ.ඒවා බලල පිස්සු වැටුන අය මේ කතාවටත්
ගොඩක්ම ආසාවෙන එකේ කිසිම සැකයක් නෑ.අපි හැමදාම බලන යුද්ධ කතාවල තියෙන අභියෝගාත්මක බවත් ආදර කතාවල තියෙන සංවේදී බවත් සේරම එකතු වෙලා තියෙන මේ කතාව බලන්නම වටිනා එකක්. අරගෙනම බලන්නකෝ...

මම සිංහල උපසිරැසි ෆයිල් 2ක් දිලා ඇති..එහෙම කලේ හුගක් අයගේ ඉල්ලිමකට විවිධ වර්ගයේ කොපි එනවනේ සමහර එවගේ සබ් සමහර එවගේ හරියට වැඩ කරන්නේ නෑඅන්න ඒ නිසා ඔන්න මම මේ පාර සබ් ෆයිල් 2ක් දිලා ඇති.ඔයා ගාව තියනවනම් ඒ කොපි එකට ගැලපෙන සබ් එක දාගන්න..ලගදිම තව ඉංග්‍රිසි චිත්‍රපට කිහිපය කම සිංහල උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා. 

The Mechanic 2011(18+) සිංහල උපසිරැසි


මිකැනික් කියන්නේ මම කාලෙකින් බලපු වෙනස්ම දරුණු කතාවක්.
මේකේ ආතර් කියන කෙනා කොයි තරම් දරුණු සුක්ෂම මොලයක් තියෙන කෙනෙක්ද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි
ඇත්තටම මේකට උපසිරැසි දාන්න පටන් ගත්තම ඇයි මේ තරම් මිනිස්සු මරාගන්නේ කියල මට හිතුනු අවස්ථා අනන්තයි.
ඒ කොහොම වුනත් මේකට IMDB එකේ ratings 6.5.ක් වුනාට ඊට වැඩ ලැබිය යුතුයි කියන එකයි මගේ හැඟීම.
ඔබ Jason Stathamගේ රසිකයෙක් නම් මෙම චිත්‍රපටය අනිවාර්යෙන් නැරබිය යුතුයිඉතා කෙටි කාලයක් තුලදී
චිත්‍රපටියේ හොඳ පිටපතක් ලබාගැනීමට හැකිවීම පිළිබඳවත්,දින දෙකක් වැනි ඉතා කුඩා කාලයක් තුල මෙහි උපසිරසි ගැන්වීම
අවසන් කිරීමට හැකියාව ලැබීම පිළිබඳවත් මම අතිශයින්ම සතුටට පත්වෙමි.
ඔයාලත් බලන්නකෝ කොහොමද කියල. 





0

DEVIL සිංහල උපසිරැසි


0

Hachi: A Dog's Tale සිංහල උපසිරැසි සමඟ


බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු ඉතාමත් සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා.. මේ චිත්‍රපටය බලපු වේලාවේම මට මේකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටය නැවත ඉංග්‍රිසි බසින් චිතුපටයකට නැගුනේ 2009 වර්ශයේ දිය.කතාව විස්තර කරන්න උවමනාවක් නෑ ඔයාලා ඩවුන්ලොඩ් කරගෙනම බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා.මෙම චිත්‍රපටය IMDB හි 8.2 / 10 Rating ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ.. මේ මගේ දෙවන උපසිරැසි ගැන්විමයි.ඒ වගේම චිත්‍රපටයේ උපසිරැසි ගැන ඔබට හිතෙන හොද නරක සියල්ලම කියනවා නම් එක වටින දෙයක්... 
0

Death Race 2 සිංහල උපසිරැසි


ක්‍රියාදාම ඉංග්‍රිසි චිත්‍රපට වලට ඔයා කැමති නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය ඔයා බලන්න ඔනමයි.Death race චිත්‍රපට මාලාවේ පලමු චිත්‍රපටය 2008 වසරේ නිකුත් වුනා.එම චිත්‍රපටයට නම් ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා.මේ චිත්‍රපටයත් ඒතරම් සාර්ථක ඒකක් ද යන්න තිරණය කිරිමට නම් ඔබ මේය නරබන්නම ඕනේ.Death race 1 චිත්‍රපටය නරබලා නැති උනත් Death race 2 චිත්‍රපටය නැරඹුවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ.පුලුවන් නම් මේ දෙවන චිත්‍රපටය නරඹලා පලමු චිත්‍රපටය බලන්න එතකොට මම එහෙම කිව්වේ ඇයි කියන එකට පිලිතුරු ලැබෙවි.

මේ මගේ සිංහල උපසිරැසි ගන්වන පලමු චිත්‍රපටයයි.ඒ නිසා චිත්‍රපටය බලලා උපසිරැසි පිලිබද අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.මේ චිත්‍රපටය Unrated ඒකක් නිසා උපසිරැසි ගැන්විමේදි යම් යම් අපහසුතා වලට නම් පත්වුනා. ඒත් කොහෝම උනත් හැමොටම තේරෙන විදියට මම උපසිරැසි ගන්වන්න කටයුතු කලා. උපසිරැසි ගැන්විමේ සහය වුන දර්ශන ටත් zoom.lk වෙබ් අඩවියටත් මගේ ස්තූතිය!





 
2

ඔන්න මමත් පටන් ගත්තා..


ඔන්න එහෙනම් මමත් පටන් ගත්තා බ්ලොග් ලියන්න. කාලයක් ඉඳන් මේක කරන්න ආසාවක් තිබුනත් වෙලාවක් හොයාගන්න බැරුව හිටියෙ මේ වැඩේට. අද ඉඳලා දිගටම මේ වැඩේ කරගෙන යන්න මං බලාපොරොත්තු වෙනවා.