The Grudge සිංහල උපසිරැසි සමඟ

අපි හැමෝම දන්නවා වගේ ලෝකේ හොඳම හොල්මන් චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ ආසියාවේ.මේකත් එයින් එකක්.2004 වර්ෂයේ හදල තියෙන මේ චිත්‍රපටිය IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.7ක් වුනත් මේක බලන්න වටිනා හොඳම හොල්මන් චිත්‍රපටියක්.අපි කවුරුත් හොදින් දන්නා Sarah Michelle Gellar (ස්කුබි ඩූ-Dafni) මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපානවා. කෙනෙක් වෛරයෙන් හෝ දැඩි ශෝකයෙන් මියගියොත් ඒ ස්ථානය සදාකාලික බිලිගත් තැනක් බවට පත් වෙනවා.ඒ ශාපය සදාකල් එතනට පැමිණෙන ඕනෑම අයෙක් බිලිගන්නවා..මේකේ ඊළඟ කොටසත් ඉක්මනින්ම සිංහල උපසිරසි එක්ක දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මෙම විත්‍රපටය දෙන්න ටික දවසක් පරක්කු උනේ මේකේ ඇතැම් තැන් වල ජපන් වචන භාවිතා කරන නිසා එවා චිත්‍රපටයේම ඉංග්‍රිසි උපසිරැසි යොදා තිබිම හෙතුවෙන් ඉංග්‍රිසි උපසිරැසි ගොනුවල එවා සදහන් වෙන්නේ නෑ...ඒ නිසා මම උපසිරැසි ෆයිල් එක පොඩි වෙනස්කම් වගයක් කරලා වැටෙන හැම ඉංග්‍රිසි වචනයකටම එහි සිංහල උපසිරැසි පෙනෙන්නට සැකසුවා.උපසිරැසි ෆයිල් එකත් පොඩි වෙනස්කමක් කරන්න උන නිසයි ටික දවසක් මේ උපසිරැසි දෙන්න පමා උනේ..ඉංග්‍රිසි නොතේරන කෙනෙක්ට මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමග බලලා මේකේ කතාව තේරෙනවා නම් මම හිතන්නේ එතකොටයි අපේ උපසිරැසි ගැන්විම සාර්ථක වන්නේ. ඒ නිසා ඔන්න සරලවම හැම වචනෙකම තේරුමත් එක්ක ඔන්න උපසිරැසි ගන්වලා තියනවා..වෙනදා වගේම යද්දි කමෙන්ටුවක් දාගෙන යන්න ඒ වගේම මම උපසිරැසි ගන්වපු Deathrace 2 චිත්‍රපටයේ උපසිරැසි කතෲ අයිතියවත් ඉතුරු කරන්නේ නැතුව වෙන වෙබ් අඩවියක පල කරලා තිබුනා..එහෙම අනවසරයෙන් වෙනත් වෙබ් අඩවි වල දානවා නම් කරුණාකර කතෲ අයිතිවත් තියන්න කාරුණික වන්න.මොකද චිත්‍රපටයක උපසිරැසි වල නම් ගම් මකලා විකෘති කරලා වෙන සයිට් එකකට දානවට වඩා උපසිරැසි ගන්වන්න අපි හුගක් මහන්සි වෙන නිසා.

0 comments:

Post a Comment