Hop 2011 සිංහල උපසිරැසි සමගින්

අපි කොච්චර ලොකු වුනත් කවුරුහරි රෑට ඇවිත් අපේ ගේ දොරකඩ අපි කන්න ආසම දේවල් පුංචි තෑගි හැටියට තියලා යනවනම් කොච්චර ආසද? අනික ඒක කරන්නෙත් ඇඳුම් ඇඳගත්ත පුංචි හාවෙක්නම් කොච්චර සතුටක් දැනෙනවද හිතට? ඇත්තටම ඒ අත්දැකීම අපිට විඳින්න නැතත් මේ කතාවෙන් අපිට එහෙම දෙයක් ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි, ඊස්‍ටර් බනී කෙනෙක් එක්ක (ඇඳුම් ඇඳපු පුංචි කතාකරන හාවෙක්)දවසක් හරි ගතකරන්න වුනාම මූණපාන්න වෙන සිද්ධි ගැනත් බලාගන්න පුළුවන් මේ කතාව බැලුවම. සේරම කතාව මට කියවෙන්න යන්නෙ. අරගෙන බලන්නම වටින ලස්සනම කතාවක් මේක. හිනාවෙන්න ආසකරන ඕනම කෙනෙක් මේක බලන්නම වටිනවා. මේ අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිදා නිකුත් වුණ මේ ෆිල්ම් එක දැනට IMDBහි ප්‍රතිචාර 5.2ක්ම ලබාගෙන තියෙනවා. ඔයාල ආසවෙයි.සිංහලෙන්ම තියෙන නිසා අරගෙන බලන්න.දන්නවනෙ ඉතින්, අළුත්ම හොඳම කතා මුලින්ම දෙන්නෙ Zoom.lk පමණයි කියලා.


0 comments:

Post a Comment