The Adjustment Bureau (2011) with sinhala subtitle


ඔයාද ඔයාගේ ජිවිතේ පාලනය කරන්නේ? ඔයා ඔයාට උවමනා දේවල්ද කරන්නේ? ඔයා ඔයා කැමති කෙනාටද ආදරේ කරන්නේ?ඔයා කැමති දේවල් කරන්න යනකොට බාධක ගොඩයි නේද?එවැනි වෙලාවට ඔයා එවයින් පැනලා යනවද නැත්නම් ඔයා ජිවිතේට මුණ දෙනවද? ඇත්තටම අපි අපේ දෛවය තීරණය කරනවද නැත්නම් කවුරුහරි අපේ ජීවිත පාලනය කරනවද?මේක කොයිතරම් අවස්ථාවල අපිට හිතිලා තියෙනවද නේද?මේ කතාව ගොඩනැගෙන්නෙත් අන්න එහෙම හිතන්න වෙන සිද්ධියක් පාදක කරගෙන.මිනිස්සු කොයිතරම් තත්ත්වයන්හි හිටියත්, කොච්චර ඉහල කෙනෙක්, කොච්චර සැහැල්ලු ජීවිත ගතකරන අය වුනත්, අපි හැමෝගෙම හැඟීම් බොහෝ වෙලාවට එක සමානයි නේද? අපි හැමෝටම පොදු හැඟීම් ගොඩක් තියෙනවනෙ.ආදරය කියන්නෙත් අන්න ඒ වගේ හැඟීමක්. කොයිතරම් එකිනෙකට වෙනස් තරාතිරම්වල අවස්ථාවල ඉන්න දෙන්නෙක් වුනත්, ආදරය කරන්න ගත්තම තමන් අයත් කොතනද කියන දේ අමතක වෙනවා.මේ කතාවෙ කතා නායකයා, නැත්තම් ප්‍රධාන චරිතය ඩේවිඩ් නොරිස් කියන්නෙ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙක්. ඔහුගේ දෛවය ඔහුව යොමු කරලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආදරය ලබන්න.මිනිස්සුන්ට කතාකරන්න, ඔවුන්ගෙ වැඩ ගැන හිතන්න.ඔය අතරෙ එලිස් කියන්නෙ දක්ෂ බැලේ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම සුන්දර කාන්තාවක්.හරිම අහම්බයකින් දවසක් මේ දෙන්නා මුණගැහෙන්නෙ. කොහෙත්ම කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදියට මේ දෙන්නා ආදරයෙන් බැඳෙන්නෙ.එදා ඉඳන් නොරිස්ට ඕන කරන්නෙ මේ ගෑණු කෙනත් එක්ක ඉන්නයි. නමුත් මොකක්හෝ දෙයක් මේ දෙන්නාව නිතරම ඈත් කරනවා.ඒ දෛවයද නැත්නම් කවුරුන් හෝ කරන දෙයක්ද? අවසානයේ ඩේවිඩ්ට තෝරාගැනිමක් ලැබෙනවා ඒ ඇමරිකාවේ ජනපති කමද නැත්නම් තමන් ආදරය කරන කෙනා සමග ජිවිතය ගත කිරිමද යන්න.ඔබට එවැනි තෝරාගැනිමක් ලැබුනොත් හිතන්න ඔබ කරන රැකියාවේ උසස්ම තනතුර පිරිනමන්න ලැස්තියි නමුත් ඔබට දැන් තියන ආදරය අහිමිකරගන්න ඕන.ඔයාගේ තිරණය මොකක් වෙයිද.ඩේවිඩ්ගේටත් ඒ වගේ දෙයක් වෙනවා තමන්ගේ හිනයක් වන ඇමරිකාවේ ජනපතිකමද?නැත්නම් ඔහුගේ ආදරවන්තියද?ඔහු මේ බලපෑමට කොහොම මුහුණදෙයිද?නොරිස් කුමන පාර්ශවය තෝරාගනීද? මිනිසුන් දහස් ගණනකගේ ගෞරවය ලැබෙන ලෝකයේ ඉහලම තනතුර වන ඇමරිකාවේ ජනපතිකමද? නැත්තම් තමන් ලොව දුටු එකම සුන්දර කාන්තාවගේ ආදරයද?

කාලයක් ඉදන් මේ චිත්‍රපටිය ඔබ හමුවේ තබන්න මම උත්සහා කලා.ඇත්තටම ටිකක් උපසිරැසි ගන්වන්න අමාරු උන වගේම ටිකක් ලයින් වැඩිපුර තිබුන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය IMDB හි 7.1 අගයක් ලබාගෙන තියනවා.ඔබට පේනවා ඇති චිත්‍රපටියේ ජනප්‍රියතාවය එයින්ම.මේ කතාව ඒ වගේම පොඩ්ඩක් පැටලිලි සහගතයි.අවදානයෙන් බලාසිටියේ නැත්නම් කතාව නොතේරි යන්න පුලුවන්.එක නිසා කතාව සම්පුර්ණ අවධානයෙන් බලන්න.එහෙනම් ලගදිම තවත් හොද චිත්‍රපටියකින් මුණගැසෙමු.


2 comments:

Post a Comment