Daybreakers (2009) with Sinhala Subtitles



කාලේකට පස්සේ උපසිරැසි එකක් අරන් ආවා.මේ දවස් වල වැඩ වගයකට හිර වෙලා නිසා ඇත්තටම උපසිරැසි එකක් කරන්න වත් වෙලාව නෑ.මේ චිත්‍රපටියත් මම පුලුවන් පුලුවන් වෙලාවට දාලා ඔන්න අද උදේ වැඩේ ඉවර කරගන්න පුලුවන් උනා.මේකට IMDB හි 6.5ක වර්ගිකරණයක් ලැබිලා තියනවා.චිත්‍රපටිය නිකුත් උනේ නම් 2010 වසරේදි.සමහර විට ඔබ මේක නරඔලාත් ඇති.නරඔලා නැත්නම් ඔන්න දැන් සිංහල උපසිරැසි සහිතවම බලන්න පුලුවන්.මේ චිත්‍රපටිය සම්ප්‍රදායික වැම්පයර් කතා මාලා වෙනස් කරලා හදන්න උත්සහා දරලා තියනවා කියලා කියන්න පුලුවන්.අවසාන මිනිත්තුව දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගන්නට මේ චිත්‍රපටිය සමත්වේවි.
කතා සාරංශය කිව්වොත් ලොකයේ වැම්පර් ජනග්‍රහනය ඝිඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා.මිනිසුන් කියන්නේ වදවිගෙන එන කොට්ධාශයක් බවට පත්වෙනවා.මක්නිසාද යත් වැම්පර්වරුන් විසින් මිනිසුන් දඩයම් කරන නිසා හා වැම්පර් කෙනෙක් විමත් සමග අමරණිය තත්වයත් ඔවුන්ට ලැබෙන නිසා.මිනිසුන් හිගවිම නිසා මොවුන්ට ලේ හොයාගන්න බැරිවෙනවා වැම්පර්ස්ලා ලේ නොබිම නිසා ඔවුන්ව කායික විකෘති තත්වයන්ට පත්වෙන්න පටන්ගන්නවා.ඔවුන් සතුන් වෙන්න ගන්නවා.මේ ගැටළුවට ප්‍රතිකාර හොයන කෙනෙක් ඒ කියන්නේ ලේ සදහා ආදේහයක් හොයන කෙනෙක් තමයි එඩ්වඩ් කියන්නේ.ඔහු දොස්තර වරයෙක්.ඔහු ඇත්තටම උත්සහා කරන්නේ වැම්පර්ස්ලා නැවතත් මිනිසුන් කරන්නේ කොහොමද කියලා පරික්ෂන කරන්නයි.ඔහු කමැති නෑ වැම්පයර් කෙනෙක් වෙලා තමන්ගේ ජිවිතේ ගත කරන්න නමුත් ඔහුගේ පරික්ෂන සාර්ථක වෙන්නේ නෑ.නමුත් අහම්බෙන් මෙන් ඔහුට එල්විස් කියලා පුද්ගලයෙක් මුණගැහෙනවා.මොහුගේ මුණ ගැසිමත් සමගම කතාව හිතුනැති පැතිකඩකට වෙනස් වෙනවා.වැඩි විස්තර තව කියන්න යන්නේ නැහැ ඔබ මේ චිත්‍රපටිය අරගෙනම බලන්න.


0 comments:

Post a Comment