0

The Lorax [2012] සිංහල උපසිරැසි සමගින්



හුගක් දවසක් ඉදලා මම බලන් හිටියේ මේ චිත්‍රපටිය ඔයාලට දෙන්න අරන් එන්න තමයි.එත් චිත්‍රපටියේ හොද කොපි එකක් එන්න ඉතාමත් දිගු කාලයක් ගත උනා.හැබැයි දැන් ඔන්න හොද කොපි කිහිපයක්ම ඇව්ල්ලා.මම කලින් ඩිවිඩි රිප් එක ඇවිත් පැය ගානකින් දුන්නා මතක ඇති.එදා මම කිව්වා BR RIP 720P 1080P ආව ගමන්ම උපසිරැසි එකට හදලා දෙනවා කියලා.ඔන්න ඒකත් අද කරලා ඉවර උනා.නෙට් එකේ තියන ඕනැම කොපියක් සදහා මම නිකුත් කරලා තියන උපසිරැසි ගොනු දෙකම ගැලපෙනවා.ඉතින් බය නැතුව ඕනම කොපියක් අරගෙන චිත්‍රපටිය රසවිදින්න ඔයාලට පුලුවන්කම තියනවා.මේ මගේ 23වැනි උපසිරැසි ගැන්විම කියලත් මතක් කරන්න ඕන.පොඩ්ඩක් වැඩරාජකාරි වැඩ නිසා මේ දවස් වල නම් අලුත් උපසිරැසි එකකින් හමුවෙන්න නොහැකි වේවි.එත් අනිවාර්යෙන් ඉක්මනින්ම හොද චිත්‍රපටියකින් හමුවෙන්නම්.

කතාව පොඩ්ඩක් කියන්නම් මේ කතාව කාලේ වෙන කොට ලොකේ හැම ගහක්ම වදවෙලා ගිහින්.දැන් ගස් කියලා මිනිස්සු දන්නේ ප්ලාස්ටික් වලින්
වගේ හදපු ගස් වලට.මේ නගරේ ඉන්නවා ළමයෙක්.එයාගේ පොඩි කැමැත්තක් තියනවා එයාලගේ ගෙවල් ගාව ඉන්න ගැණූ ළමයෙක්ට.ඉතින් මේ පිරිමි ළමයා ගැණු ළමයගේ හිත ගන්න එක එක දේවල් කරනවා.දවසක් මේ ගැණු ළමයා එයාගේ හිනයක් ගැන කියනවා ඒ තමයි ඇත්තම ඇත්ත ගහක් දකින එක.එහෙම පෙන්නුවොත් හරි ඇත්තම ඇත්ත පැළැටියක් ගෙනත් දුන්න කෙනෙක්ව එයා එවලේම කසාද බදිනවා කියලත් කියනවා.මේක ඉතින් අර පිරිමි ළමයට හොද අවස්ථාවක් නිසා එයා එයාගේ ආච්චිගෙන් අහගෙන නගරෙන් පිට ඉන්න ඇත්ත ගස් ගැන දන්න කෙනෙක් හොයාගෙන යනවා එතනින් එහාට මොනා වෙයිද?ලොකේ සේරම ගස් නැති උනේ කොහොමද? ඒක අර පිරිමි ළමයා හොයා ගනිද? එයාට ඇත්තම ඇත්ත පැලැටියක් හම්බවෙයිද? එතකොට කවුද මේ ලොරේක්ස් කියන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? ඒ සේරටම උත්තර විනාඩි 87ක් පුරා දිවෙන මේ චිත්‍රපටියේ ගැබ්වෙලා තියනවා.ඔය මම කිව්වේ කතාවේ මුල විනාඩි 10 විතරයි.මේ කතාවෙන් ඔයාලගේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්නත් පුලුවන් පරිසරය සුරකිම ගැන.එහෙනම් හැමෝම අරන් බලන්න.



0

Headhunters (2011) සිංහල උපසිරැසි සහිතව.



ZOOM.LK වෙනුවෙන් සුරංග වන්නිආරච්චි කල ඉල්ලිමකට එයත් එක්ක එකතු වෙලා කරපු උපසිරැසි ගැන්විමක් තමයි මේ.මම දිගටම දුන්නේ ඉංග්‍රිසි,හින්දි,දෙමළ චිත්‍රපටනේ.මට හිතුනා වෙනත් භාෂාවක හොද චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න හිතුනේ ඒකයි.

ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.



0

Wall-E [2008] සිංහල උපසිරැසි සමග..






ලගදි මට බලන්න හම්බුන ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න හිතුනා.ත්‍රිමාණ සජිවිකරන කාටුන් වලට කවුරුත් වැඩිය උපසිරැසි දෙන්න පෙළබෙන්නේ නෑ.එත් මම දැක්කා අපේ සූම් එකේ යාලුවෝ කිප දෙනෙක්ම පරණ ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දිලා තිබුනා.ඉතින් මටත් හිතුනා ලස්සන කතාවකට උපසිරැසි එකක් දෙන්න.වැඩි විස්තර නැතුව මම මේකේ කතාවේ සාරංශය පොඩ්ඩක් කියන්නම්.මේක IMDB හි 8.5ක ඉතා විශාල ප්‍රතිචාරයක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙන වනේ චිත්‍රපටිය කොච්චර ලස්සන එකක්ද කියලා.මේකෙ කතාව ලියලා වගේම
 අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Toy-story කතා මාලාවත්,Up,Ratatouille ,Monsters, Inc.,Finding Nemo ,John Carter,A Bug's Life වගේ ලෝක ප්‍රසිද්ධ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටි ලියපු, අධ්‍යක්ෂණය කරපු සුප්‍රසිද්ධ Andrew Stanton.

 WALL-E (Waste Allocation Load Lifter – Earth Class) කියන්නෙ කෙටියෙන්ම කිව්වොත් කුණූ අයින් කරන පුංචි රොබෝ කෙනෙක්. මෙයාගෙ කතාව තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.මෙයා විතරයි මේ ලෝකෙටම ඉන්නෙ.නෑ,නෑ, එයා එක්ක තව චූටි යාළු කැරපොත්තෙක් ඉන්නවා.(කැරපොත්තො ලේසියෙන් විනාස වෙන්නෙ නෑ කියල අපි කවුරුත් දන්නවනෙ).මේ කතාව හදලා තියෙන්නෙ අනාගතේ වෙන්න ඉඩකඩ තියෙන සිද්ධියක් ගැන හිතලා.ඇත්තටම මේ කතාවෙ තියෙන විදියට ලෝකෙ විනාස වෙන්න බැරිත් නෑ.කොහොම වුනත් මේ පුංචි රොබෝ අතේ තමයි මුළු ලෝකෙම පැවැත්ම රැඳිලා තියෙන්න.හරිම සංවේදී කතාවක්.මම කලින් සඳහන් කරපු කතාවලින් එකක් හරි බැලුවානම්, මේ කතාව බලන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ.පාඩුවක් වෙන්නෙ නෑ, අරගෙන බලන්න..

 මේක පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්.එහෙනම් බලලා අදහසක් දාලා යන්න.අපි මහන්සිවෙලා උපසිරැසි දෙන එකේ අපිට තියන එකම සතුට ඔබගේ ප්‍රතිචාරය පමණක්ම නිසා.


5

Jannat 2 (2012) with Sinhala Subtitles



ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.


සිංහල උපසිරැසි නිර්මාණය - දර්ශන නිශාන්ත පිරිස්.





1

Mirror Mirror 2012 සිංහල උපසිරැසි සහිතව



මම හිතන්නේ මාසගානකට පස්සේ මමත් ආපහු උපසිරැසි දාන්න පටන් ගත්තා.මුල කාලේ නම් එකපිට එක උපසිරැසි දුන්නත් කාර්ය්‍යබහුලතාවය නිසා එකක් දෙන්න බැරි උනා.ඔන්න ආපහු මම වැඩට ආවා.මේ මගේ 20වෙනි උපසිරැසි ගැන්විම.ස්නෝවයිට් නැත්නම් හිමකුමාරිගෙ කතාව අහපු නැති කෙනෙක් ඉන්නවද? නැහැනෙ..කැඩපත කැඩපත (mirror mirror) කිව්වම හැමෝම හිතුවත් මේ නම් සුපුරුදු හිම කුමාරිගෙ කතාව කියල, මේ කතාව බලල අවසන් වෙනකොට ඔබට තරමක වෙනසක් දැනේවි.සුරංගනා කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතාව සුරංගනා කතාව බොහෝ තැන්වලදී වෙනස් කර ප්‍රේක්ශකයින්ට නවතම අත්දැකීමක් ගේන්න සමත්වෙලා තියෙනවා.මං මේකට උපසිරැසි යොදන්න කල්පනා කලෙත් ඒකයි. හැමදාම අපි බලන ක්‍රියාදාම, ආදර කතා, සජීවීකරණ, හා හාස්‍ය සියල්ල එකටම ගැබ්වෙලා තියෙන කතාවක් කියල මේක හඳුන්වන්න මං කැමතියි.

 කතාව මෙහෙමයි, එකමත් එක කාලෙක ස්නො වයිට් කියල පොඩි ගෑණු ලමයෙක් ඉන්නවා නපුරු රැජිනක් එක්ක.රැජින කණ්නාඩිය ලඟට ගිහින් ඇහුවම කවුද ලෝකෙන්ම ලස්සනම කියල කණ්ණාඩිය කියනවා ස්නෝ වයිට් කියල..(දැන් හිතෙනවනෙ අපො මේකමද කියල?) මේක නෙමෙයි කතාව. බලන්න පටන් ගත්තම තේරෙයි සුරංගනා ලෝකෙ පවා කොච්චර අද වෙනස්වලාද කියල.. එහෙනම් ඉතිං අරගෙන බලන්නකො. ලේ පිරිසිදු කරගන්න හිතන කෙනෙක් ඉන්නවානම් මේක හුඟාක්ම ඒ අයට අනුමත කරන්න කැමතියි.මේ උපසිරැසි එක උපසිරැසි ගන්වන්න උදාර (රොකියා) උදව් කලා.එයාටත් බොහෝම ස්තුතියි.ඒ වගේම මේ චිත්‍රපටිය ගැන වගේම උපසිරැසි ගැනත් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.






0

Trcks

සිංහල උපසිරැසි චිත්‍රපටි විතරක් දාන එකේ පොඩ් වෙනත් වැදගත් දේකුත් දාන්න හිතුනා.පොඩ් වැදගත් වෙන වෙබ් අඩවි කිහිපයක් ගැන දාන්න යන්නේ.බලන්නකෝ හොදද කියලා..

1.FOTOFUZE

මෙම වෙබ් අඩවියට පිවිස පරිගනකයේ තිබේන ඕනෑම එඩිට් කිරිමට අපහසු ඕනැම ඉම්ජ් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කර එඩිට් කිරිමට පුලුවන

මෙතනින් පිවිසෙන්න http://fotofuze.com/



2.Not sharing my info


යම් ඔන්ලයින් සේවයකදි තමන්ගේ ඊමේල් ලිපිනය නොපෙන්වමින් එයටසම්බන්ධවිමට හැකිවන සේ විකල්ප ඊමේල් ලිපිනයක් මේ වෙබ් අඩවියෙන් නොමිලේ සකසා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://notsharingmy.info/


3.Dropmy site





තමන්ගේ වෙබ් අඩවි,ඊමේල් එකවුන්ට් හෝ ඕනැම ඩේටා බේස් එකක බැකප් තැබිමට මෙම සේවයෙන් ඉඩ දෙයි.නොමිලේ දෙන බැකප් ප්‍රමාණය 2 වන අතර ඊට වැඩිය අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගත යුතුය.


මෙතනින් පිවිසෙන්න https://www.dropmysite.com/


4.lynda.com



ජනප්‍රිය පරිගනක වැඩ සටහන් දහස්ගානකින් වැඩ කරන්නේ කොහොමද කියලා පෙන්වන විඩියෝ කිලිප් මේ අඩවියෙන් ලබා ගැනිමට පුලුවන.

මෙතනින් පිවිසෙන්න http://www.lynda.com/


5.wot





මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එක මත වෙබ් ලිපිනයක් ලියු විට එම වෙබ් අඩවියේ ආරක්ෂාව අතින් වැදගත් නිශ්වාසනියද යන්න විස්තරයක් ලබා දෙයි.එසේම මෙහිදි ලබා දෙන ඇඩ්-ඔන් එක ඩවුන්ලොඩ් කරගත් විට පිවිසෙන සැම වෙබ් අඩවියකම ආරක්ෂක වාර්තාවක් ලබා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://www.mywot.com/


6.zoom



මේකෙන් කරන්නේ අන්තර් ජාලයේ තිබෙන ඕනැම ඉමේජයක වෙබ් අඩවි ලිපිනය ලබා දුන් විට එම ඉමේජය සූම් කර ගත හැකි අයුරින් සකසා දෙනු ලබයි.එය තිබෙන තැනපෙන්වන වෙබ් ලිපිනයක්ද ලබා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://zoom.it/



7.Gliffy


මෙම වෙබ් අඩවියෙන් සපයා තිබෙන ටුල් බොක්ස් එක බාවිතා කොට එහි තියෙන ටෙම්පේල්ට්ස් වලට අනුව ඉතා මනරම් ගැලිම් සටහන් හෙවත්ෆ්ලෝචාර්ට් සදාගත හැකිය.

මෙතනින් පිවිසෙන්න http://www.gliffy.com/



පොඩිවෙනසකටත් එක්ක මේ විදියේ පොස්ට් එකක් දාන්න හිතුනේ.හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න.
මේ සියලු වෙබ් අඩවි වල විස්තර ලබා ගත්තේ විජයපරිගනක විවිධ සගරා කිහිපයක් ඇසුරෙනි.






0

Agneepath Sinhala Subtitles (අග්නිපාත් සිංහල උපසිරැසි සමගින්)



මේක 1990 දි නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ නැවත නිර්මාණය කිරිමක්.1990 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපැවේ අම්තාබ් බච්චන් විසින්.අද 2012 නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ
 එම චරිතය අගපාන්නේ රිතික් රෝෂන් විසිනි.කතාව කෙටියෙන් මේසේය ඉන්දියාවේ පොඩ් ගම්මානයක් තියනවා මාන්ද්වාකියලා මේ ගමේ ගුරුවරයෙක් ඉන්නවා.මේ ගුරුවරයා ගමේ ජනතාව යහමගට අරන් කීර්තියක් දිනා සිටින කෙනෙක්.මේ ගමට කාන්චා නැමති පුද්ගලයෙක් පැමිනේනවා.මොහු ගමේ ගම්මුලාදැනියාගේ පුතා.මොහු ඇවිත් ගමේ මත්ද්‍රව්‍ය ජවාරමක් පටන් ගැනිමට යනවා.මේකට අර ගුරුවරයා බධාපමුණුවනවා.අවසානයේ කාන්චා නැමති පුද්ගලයා මේ ගුරුවරයා නොකරපු වරදකට හසු කරලා ගම් වැසියන් ඉස්සරහාම මරා දමනවා.මේ ගුරුවරයාගේ පුතා මේ සිදුවිම් සේරම විදදරාගෙන අවසානයේ අවුරුදු 15කට පසු තම පලිය ගැනිමට සැරසෙනවා.මේම චිත්‍රපටයේ කාන්චා ගේ (දූෂ්ටයාගේ) චරිතයට පන පොවන්නේ සංජේ දත් විසින්.මම හිතන්නේ ඔහු සැහෙන්න දුරට ඒ චරිතෙට සධාරණයක් ඉටු කරනවා.මිට අමතරවමේම චිත්‍රපටයේ රිතික් රොෂන්,ප්‍රියංකා චොප්රා,ඔම් පුරි,රිෂි කපුර් වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලත් බලලා හොද නරක කියලා යන්න උපසිරැසි එක ගැන.